විශ්‍රාම වැටුප් විෂමතා විසඳීමට රජය කටයුතු කරමින් සිටිනවා

68

රාජ්‍ය ඇමැති සියඹලාපිටිය කියයි

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා විසඳීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

විශ්‍රාමික ප්‍රජාව යනු රටට තම යුතුකම ඉටුකළ පිරිසක් බවත්, ඔවුන්ගේ සුබසාධනය කෙරෙහි විශේෂ අවධානය යොමුකරන බවත් පැවසූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විශ්‍රාමිකයන්ගේ ඇති වැදගත්කම සලකා මෙවර අයවැයෙන් වැඩි කළ රු.2500.00 ලබන ජනවාරියේ සිටම ගෙවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ද කීවේය.

එසේම දීර්ඝ කාලයක සිට පවතින විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු වී ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, ඔවුන් පෙන්වා දුන් විශ්‍රාම වැටුප් විෂමතා හඳුනාගෙන ඒ සඳහා පිළිතුරක් සෙවිය යුතුය යන්න රජයේ ස්ථාවරය බවද තවදුරටත් කියා සිටියේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment