“මයිටි ප්ලේයර්” චමරි – එංගලන්ත පුවත්පත් කියයි

2649

එංගලන්තයේ පැවැති කාන්තා ඕවර 20-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලැබූ දරුණු පරාජයෙන් සිය කණ්ඩායම බොහෝ පාඩම් ඉගෙනගත් බව එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන, ජොන් ලුවිස් එංගලන්තයේ පළ වන “ඊව්නින් ස්ට්‍රෑන්ඩඩ්” ටැබ්ලොයිඩ් පුවත්පතට පවසා තිබේ.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව 08 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණය අනපේක්ෂිත ජයග්‍රහණයක් ලෙස ද ඔහු හඳුන්වා දී ඇත. එංගලන්ත පුහුණුකරු ලුවිස්

තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කිහිප දෙනකු විවේක ගන්වා තිබීමේ තීරණයේ කිසිදු වරදක් නොදකින බවත් සඳහන් කර තිබේ. එංගලන්ත කාන්තා 20-20 කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති තරග සඳහා කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් වන නට් සයිවර් බ්‍රන්ට් හා සොෆි එක්ලෙස්ටෝන් යන ක්‍රීඩිකාවන් විවේක ගන්වා තිබුණි.

එහෙත් කණ්ඩායම තෝරා ගැනීමේ කිසිදු වරදක් තමා නොදකින බවත් එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු වැඩිදුරටත් පවසා තිබේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment