කුරුණෑගල මලියදේව ක්‍රීඩිකාවෝ 20න් පහළ පාපන්දු ශූරතාව දිනති

41

2023 ශ්‍රී ලංකා පාසල් ජාතික පාපන්දු ශූරතාවලියේ 20න් පහළ කාන්තා ශූරතාව කුරුණෑගල මලියදේව කාන්තා විද්‍යාලය දිනා ගනු ලැබීය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මලෙනය, ශ්‍රී ලංකා පාසල් පාපන්දු සම්මේලනය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ 2023 ශ්‍රී ලංකා පාසල් ජාතික පාපන්දු ශූරතාවලියේ 20න් පහළ කාන්තා තරඟ අනුරාධපුර පිහිටි උතුරු මැද පළාත් ක්‍රීඩා සංකීරණයේ දී දින 04ක් පැවත්විණි. එහි අවසන් මහා තරඟය පෙරේදා (26දා) කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය හා යාපනය තෙලිප්පලායි මහජන විද්‍යාලය අතර පැවැති අතර, ගෝල 1-0 ලෙස කුරුණෑගල මලියදේව විද්‍යාලය 2023 ශ්‍රී ලංකා පාසල් ජාතික පාපන්දු ශූරතාවලියේ 20න් පහළ කාන්තා ශූරතාව හිමිකර ගනු ලැබීය.

තිසර සමල් – අනුරාධපුර

advertistmentadvertistment
advertistmentadvertistment