විෂ්මි හා කවීෂාගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි

329

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය

විශ්මි ගුණරත්න හා කවීෂා දිල්හාරිගේ පිතිහරඹය නිසා සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුළු 7 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය. දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිය පන්දු වාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී රැස් කළ ලකුණු 137 ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු වාර 18.5 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉක්මවා ගියහ.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකාරිණි විෂ්මි ගුණරත්න නොදැවී ලකුණු 65 ක් රැස් කළ අතර ඊට හයේ පහරක් හා හතරේ පහර 9 ක් ඇතුළත් විය. ඉනිමේ අවසන් භාගයේදී කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 45 ක් රැස් කළාය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් අනෙකේ බොෂ් ලකුණු 50 ක්ද, මරිසාන් කෙප් ලකුණු 44 ක්ද එහිදී රැස් කළහ. පන්දු යැවීමේදී, පළමු තරගයේදී මෙන්ම නැවතත් පන්දුවෙන් සාර්ථක වූ අචිනි කුලසූරිය කඩුළු 2 ක් දවා ගත්තාය. මෙම තරගය පොචෙස්ටෘම්හිදී පෙරේදා (30දා) පැවැත්විණි. මේ සමගින් තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග එක බැගින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්වයේ රැඳී සිටින අතර දෙරට අතර තීරණාත්මක තෙවැනි හා අවසන් තරගය අනිද්දා (03දා) ඊස්ට් ලන්ඩන් හිදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment