පීඩාකාරී කුරුලෑ සුව කරන චීන කටු ප්‍රතිකාර

53

කුරුලෑ (Pimples) යනු කාන්තා පිරිමි භේදයකින් තොරව සමෙහි ඇතිවන රෝගයකි. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපානුයේ ස්නේහශ්‍රාවී ග්‍රන්ථිවල අධි ක්‍රියාකාරීත්වයයි. මෙම ස්නේහශ්‍රාවී ග්‍රන්ථි ක්‍රියාකාරීත්වය අධිකව සිදුවන කාලයක් ලෙස තරුණ විය හඳුන්වනු ලබයි. එනිසා තරුණ වියේදී කුරුලෑ ඇතිවීම බහුලවම දැකිය හැකිය. විශේෂයෙන්ම මුහුණෙන් කුරුලෑ ඇතිවීම මෙහිදී සිදුවේ.

තෙල් සහිත බව අධික සමක් ඇති පුද්ගලයන්ට කුරුලෑ නිසා ඇතිවන පීඩාවන් වැඩිය. විශේෂයෙන්ම කාන්තාවනට මෙය වැඩි වශයෙන්ම බලපානු ලබයි.

කාන්තාවන්ගේ මාසික ඔසප් වීම සිදුවන කාලයේදී ඇතිවන හෝමෝන ක්‍රියාකාරීත්වය ද ස්නේහශ්‍රාවී ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය වේගවත් කිරීමට බලපායි.

පීඩාකාරී කුරුලෑ සුව කරන චීන කටු ප්‍රතිකාර

කුරුලෑ ඇතිවීමට බලපාන හේතු:

ස්නේහශ්‍රාවී ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වයේ අධික බවට අමතරව ප්‍රතිමිතියෙන් තොර ආලේපන වර්ග සම ගැල්වීම, තෙල් අධික ආහාර නිතර ගැනීම, ක්ෂණික ආහාර වර්ග බහුලව ගැනීම, පැණිරස ආහාර නිතර ගැනීම, නින්ද අඩුකම, සිරුරේ උෂ්ණාධික බව, මානසික ආතතිය, දීර්ඝ කාලයක් ගනු ලබන ඖෂධ වර්ගවල බලපෑම ආදී කරුණු කුරුලෑ බහුලව ඇතිවීමට හේතුවන බවට අනාවරණය වී ඇත.

අප බොහෝවිට කුරුලෑ දකිනුයේ මුහුණේය. නමුත් සමේ ඕනෑම තැනක කුරුලෑ හටගත හැකිය. ඇතැම් පුද්ගලයන්ගේ ඉකිලි, කිහිලි ප්‍රදේශයේ කුරුලෑ හටගනී. එවිට එම කුරුලෑවලට විෂබීජ ආසාදනය වීම නිසා දැඩි වේදනාවක් හටගනී.

ඇතැම් දෙනා මුහුණේ හටගත් කුරුලෑ නියපොත්තෙන් කඩා දැමීම නිසා ඊට විෂබීජ එක්වීමෙන් බරපතළ තත්ත්වයන් ඇතිවේ. මුහුණේ ඇති ස්නායු මොළයට ඉතා සමීපව පිහිටා ඇත. එනිසා කුරුලෑවලට විෂබීජ ආසාදනය වූ විට ඉතා ඉක්මනින් එය මොළයට ගමන් කළ හැකිය. එබැවින් කිසිවිටෙකත් මුහුණේ ඇති කුරුලෑ නියපොතුවලින් කඩා දැමීම නොකළ යුතුය.

සමහර පුද්ගලයන්ගේ පිට සහ පපුව ප්‍රදේශයේ කුරුලෑ හටගැනීම නිසා පීඩාවට පත්වේ. මෙවැනි කුරුලෑ කුඩා ගැටිති ලෙස හටගත හැකිය. මෙලෙස ඇතිවන කුරුලෑ විශාලවීමට ද පිළිවන. එවිට ඒවා ඉවත් කිරීමට සැත්කම් කිරීමට පවා සිදුවේ.

කුරුලෑ නිසා මතුවන ගැටලු:

කුරුලෑ නිසා ඇතිවන ප්‍රධානතම ගැටලුව වන්නේ මුහුණේ පෙනුම අවලස්සන වීමය. එසේම එම කුරුලෑ නිසා ලප කැලැල් හටගැනීම සිදුවේ. ඇතැම් අවස්ථාවලදී කුරුලෑ නිසා ඇතිවන විෂබීජ ආසාදන මගින් ඇසට නිසා ඇතිවන විෂබීජ ආසාදන මගින් ඇසට බලපෑම් සිදුවිය හැකිය.

කුරුලෑ සඳහා චීන කටු ප්‍රතිකාර:

කුරුලෑ සම්පූර්ණයෙන් සුව කිරීම සඳහා චීන කටු ප්‍රතිකාරවලට හැකි බව සායනිකව ඔප්පු කර ඇත. ඒ සඳහා චීනයේ වෛද්‍ය කණ්ඩායමක් කුරුලෑ සහිත තරුණ කාන්තාවන් සහ පිරිමින් ද මැදිවියේ කාන්තාවන් සහ පිරිමින්ද 470 දෙනකු යොදාගෙන සිදුකළ පරීක්ෂණයක දී මේ බව සනාථ වී තිබේ.

චීන කටු ප්‍රතිකාරයේදී සිදු කරන්නේ කුරුලෑ ඇතිවීමට බලපාන ස්නේහශ්‍රාවී හෝමෝනවල අධික්‍රියාකාරීත්වය පාලනය කිරීමය. ඒ සඳහා ඊට අදාළ නිල ස්ථාන චීන කටු මගින් තෙරපුමට ලක්කරනු ලබයි. (Acupuncture) එසේ තෙරපුමට ලක් කරන නිල ස්ථාන අතර Dazhui (Du- 14) Baihui (Du-20) Hegu (Li-4) Quchi (Li-11) Chize (Lu-5) Lieque (Lu-7) Sanyinijial (Sp-6) යන නිල කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලබයි.

මෙහිදි චීන කටු භාවිතයෙන් නිල තෙරපුමට ලක්කිරීම පමණක් නොව විද්‍යුත් උත්තේජන උපකරණ (Electric Stimulatar) භාවිතයෙන් සිදුකරන ප්‍රතිකාර ද යොදාගනී. මේ සඳහා රන්, රිදී, තඹ සහ මැණික් භාවිතයෙන් සෑදූ විශේෂ කටුවර්ග භාවිතයට ගනු ලබයි.

කුරුලෑ නිසා සමේ ඇති වූ ලප කැලැල් සහ සිදුරු ඉවත් කිරීම සඳහා වූ විශේෂ ප්‍රතිකාර ක්‍රමද පවතී. ඒ සඳහා සම පැහැපත් කිරීමේ උපකරණ භාවිතයෙන් (Cosmetic Appaveter) ප්‍රතිකාර කරනු ලබයි.

මෙලෙස දිනකට පැයක පමණ කාලයක් බැගින් දින 08ත් 10ත් අතර කාලයනක් ප්‍රතිකාර කිරීම මගින් කුරුලෑ සුවපත් කරගත හැකිය.

ප්‍රතිකාර ලබාගන්නා කාලයේදී අධික තෙල් සහිත ආහාර ගැනීම, තක්කාලි, බළමාළු ආදි උෂ්ණාධික ආහාර ගැනීම, මත්පැන් වැනි සැර පානවර්ග ගැනීම සම්පූර්ණයෙන් නතර කළ යුතුය.

දිනකට පැය 08ක පමණ කාලයක් නිදාගැනීම කළ යුතුය. එවිට සමේ වර්ධනය සඳහා විවේකයක් ලැබේ. එසේම හෝමෝනවල අසමතුලිතතාවයන් මතුව ඇත්නම් එය පාලනයට ද උපකාරීවේ.

වැඩිපුර තොරතුරු සඳහා දුරකථන අංකය 0714299777 ඇමැතිය හැකිය.

පීඩාකාරී කුරුලෑ සුව කරන චීන කටු ප්‍රතිකාර

කළුබෝවිල ද සිල්වා පාර
ජය සමගි මාවත
කළුබෝවිල චීන කටු
වෛද්‍ය සායනයේ අධ්‍යක්‍ෂ සහ වෛකල්පිත ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ
මාධ්‍ය අධ්‍යක්‍ෂ
වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment