සූර්වී පාරේ නිදාගත් මව සහ දියණියට පොලිසියෙන් දැඩි අවවාද

1311

යාපනයේ චුන්නාකම් කන්දරෝඩේ ප්‍රදේශයේදී මවක් හා දියණියක් අධික ලෙස බීමත්ව පාරේ වැටී සිටියදී හමුදා භට පිරිසක් එම ගම්මානයේ තරුණයන් පිරිසකට කතාකොට ඒ දෙදෙනා පොලිසියට භාර දෙන ලෙස පෙරේදා (23 දා) දැනුම් දී තිබේ.

චුන්නාකම් පොලිසියට ඒ දෙදෙනා භාර දෙන ලද අවස්ථාවේදී මව දියණිය පොලිසිය තුළ දමා ඔවුන්ට අයත් යතුරුපැදියකින් පලාගොස් තිබේ. පොලිසිය ක්‍රියාත්මක වී මවද අල්ලාගෙන ඇති අතර මේ ගැන ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඒ දෙදෙනාට හිතවත් ව්‍යාපාරිකයකුගේ නිවසකදී ඔවුන් දෙදෙනාම අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා ඔවුන්ට යතුරුපැදියෙන් ආපසු සිය නිවස බලා යෑමට නොහැකි වී මහ පාරේ ඇද වැටී ඇති බවයි.

වයස අවුරුදු 52 ක් වූ මව හා අවුරුදු 28 ක් වූ දියණිය අධික ලෙස මත්පැන් පානය කිරීමට හුරු වී සිටින දෙදෙනකු බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.

ප්‍රදේශයේ කීප දෙනකු පැමිණ පොලිසිය සමග සාකච්ඡා කිරීමෙන් පසුව චුන්නාකම් පොලිසියේ නිලධාරීන් ඔවුන් දෙදෙනාට තරයේ අවවාද කොට පොලිස් පොතේ සටහන් යොදා ඒ දෙදෙනාව නිදහස් කොට යවා ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment