අතිඋතුම් පූජ්‍යස්ථාන ආරක්‍ෂා කිරීම ශ්‍රී ලාංකේය පුරවැසියන්ගේ වගකීමයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

29

ශ්‍රී ලාංකේය පුරවැසියන් ලෙස රටේ ඇති අතිඋතුම් පූජ්‍යස්ථාන ආරක්ෂා කිරීම වගකීම බවත් පූජා භූමි ආරක්ෂා කිරීම ආගමික සිද්ධස්ථාන රැක ගැනීම රටේ පුරවැසියන් සියලු දෙනාගේම වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බුදුදහමට අනුව අපගේ ගති පැවතුම් ක්‍රියාකලාපයන් උසස් සාරධර්ම කේන්ද්‍ර කර ගෙන ශිෂ්ටසම්පන්න ජන සමාජයක් තුළ නිහතමානීව සංවරශීලීව කටයුතු කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආගම දහම අනුව අපගේ ක්‍රියාකලාප හැඩගස්වමින් ජන සමාජයේ දියුණුව උදෙසා කටයුතු කළ යුතු බවයි.

එසේම ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ තාක්ෂණ නිලධාරීන්ගේ සහ බස්නායක නිලමේවරයාගේ අධික්ෂණය යටතේ මේ කටයුතු දිගින් දිගටම ඉටු කිරිමටත් මේ තුළින් ලැබෙන ආලෝකයෙන් රට වැටී ඇති තැනින් ගොඩ ඒමට ආශිර්වාදයක් වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දි වැඩිදුරටත් පැවසීය.

තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ද දෙවිනුවර පුදබිම වෙනුවෙනු සුවිශාල සේවාවන් රැසක් ඉටු කළ බවත් එම සේවාවන් තවදුරටත් ඉදිරියට ගෙන යාම තමාගේ අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තවද කඹුරුපිටිය ගම් උදාව කේන්ද්‍ර කර ගෙන මෙම විහාරස්ථානය සහ උතුම් පුදබිමට පූජා කළ අක්කර 25ක වැදගත් භූමිභාගය යම් යම් ආරවුල් නිසා එහි ස්ථාවරත්වය පිළිබඳා ගැටලු පැනනැගී ඇති මොහොතක පාර්ලිමේන්තුව තුළ කරුණු කාරණා ඉදිරිපත් කරමින් මෙහි නිරවුල් භාවය කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. සසුණට අරුණ’ වැඩසටහන යටතේ දෙවිනුවර දේවාලයේ ප්‍රධාන වාහල්කඩ අලුත්වැඩියා කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment