බසයේදී හෙදියකට කැත වැඩක් කළ අයිපී අත්අඩංගුවට

914

බසයක ගමන්ගත් තරුණියකගේ පපු පෙදෙස අතගෑ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු පෙරේදා (27දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර පොලිස් කොට්ඨාසය යටතේ ඇති පොලිස් ස්ථානයක විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරි කරන 54 හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙකි.

අම්බලන්ගොඩ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ගමන්ගත් කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පුහුණු වන හෙදියක අසල රැඳී සිට ඇයගේ පියයුරු අතගෑ බවට හෙදිය විසින් බසයේදී පැවසීමත් සමග උරණ වූ මගීන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට පහරදී ඔහු පොලිසියට භාරදී ඇතැයි පැවසේ.

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්. ප්‍රියන්න කුමාර මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පැවැත්වෙයි.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment