ජනතා විරෝධයන් හෑල්ලු කරන තැනට ආණ්ඩුව බංකොලොත්වෙලා

131

ගම්පහ දිස්ත්‍රික් සජබ සංවිධායක හසිත් ගුණසේකර

ආණ්ඩුව ජන විරෝධතා හෑල්ලු කරන වැඩ පැතිරවීමට තරම් බොළඳ හා වියරු මානසිකත්වයකට දැන් පත්ව තිබෙන බව සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක හසිත් ගුණසේකර මහතා පැවසීය.

සමගි ජනබලවේගය මේ රටේ බහුජන සංවිධාන, වෘත්තීය සමිති ද එක්වූ ජන විරෝධයට එක්ව ආණ්ඩුවට දුන් පණිවුඩය අද ආණ්ඩුවට දරාගන්න බැහැ.

රජයේ මාධ්‍යයත් ඇතැම් දේශපාලන උවමනාවන් මත නටන වුන්ද එම විරෝධතාවට කළු පැල්ලම් එක්කරන්න වෙහෙසෙනවා. විවිධ මත දරනවුන් සමග එකම හඬක් අපි පෙරේදා විරෝධයෙන් රටට පෙන්නුවා. ඒක දරාගන්න බැරිව සමහරු නන්දොඩවනවා.

අපි ආණ්ඩුවට කියන්නේ ජඩකම් නොකර මහජනතාවට තීන්දුවක් ගන්න මැතිවරණයක් තියන්න.

එවිට රටේ ජනමතය ආණ්ඩුවට නිසි පිළිතුරු දේවි. මර්දනයෙන්, තර්ජනයෙන් කුමන්ත්‍රණවලින් රැඳුණු ආණ්ඩු නැහැ.

ඒවායේ ඇත්තෝ ඉතා ඉක්මනින් බලයෙන් පහව ගියා. සමහර පක්‍ෂ මේ විරෝධතාව තුළින් තමන්ගේ පක්‍ෂයට ලකුණු නැතිවෙයි කියලා නොඑන්න තීරණය කළා. අපිට තිබුණේ දේශපාලනයක් නොවේ.

ආණ්ඩුව ගෙන යන මර්දනයට හා ජනතා පීඩනයට පොදු විරෝධයක් දැක්වීමේ පරම අරමුණ විතරයි. ඒක කඩාකප්පල් කරන්න දඟලපු අයගේ වැඩත් අපි දැක්කා. මහර මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ගුණසේකර මහතා මේ බව කීය.

advertistmentadvertistment
advertistmentadvertistment