කුවේට් සේවයට ගිය කාන්තාවගේ බලපත්‍රය එරටින් අත්හිටුවලා

79

කැකිරාවේ පවුලක් අන්ත අසරණයි
මගේ බිරිඳ මෙරටට ගෙන්වා ගන්න රුපියල් ලක්‍ෂ 750,000ක් ඉල්ලනවා
අපිට සාධාරණයක් කරන්නැයි සැමියා බලධාරින්ගෙන් ඉල්ලයි

කැකිරාව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 608 මහදිවුවැව ගම්මානයේ නාමල්පුර ලිපිනයේ කුලී නිවහනක පාසල් වියේ පසුවන පිරිමි දරුවන් තිදෙනෙකුගේ වයස අවුරුදු 44ක මවක වන එල්.ඒ.ගීතානී පසු ගිය වසරේ සැත්තැම්බර් 27 වැනි දින අනුරාධපුර පිහිටා ඇති රන්ලිය නැමැති විදේශ රටවල සේවාවාවන් සපයා දෙන ඒජන්සි ආයතනයක් හරහා තම දරුවන් හා ස්වාමියා හැර දමා දහසකුත් බලාපොරොත් ගොන්නක් පොදි බැඳන් කුවෙට් රටේ ගෘහ සේවයට ගොස් ඇත්තේ රටේ පවත්නා ආර්ථික බිඳ වැටීම හමුවේ තම පවුලේ දෛනික අවශ්‍යතාවය සඳහා මෙරටට වී උපයන ආදායම ප්‍රමාණවත් නොව බැවීනී.

පසු ගිය සැප්තැම්බර් 27 වැනි දින ක්වෙට් රටෙහි සේවයට ගිය එල්.ඒ.ගීතානී පසු දින සිට එරට නිවසක සේවය ආරම්භ කර ඇති අතර මසක කාලයක් සේවය කිරීම වෙනුවෙන් ලැබුණු වේතනය තම දරුවන්ගේ හා සැමියාගේ අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් ලංකාවට එවා තිබෙන අතර පසුගිය 10වැනි දා ආසන්න දිනක දී රට නීතියට අනුව ඇගේ සේවය ද අත්හිටුවා ඇති බවත් එරට ඇතුළු මැද පෙදරදිග රටවල් කිහිපයක්ම ඇගේ වීසා අත්හිටුවා ඇති බව ඇයට දැනුම් දුන් බව ඇය පවසයි.

එල්.ඒ.ගීතානී සේවය අත්හිටුවීම හා වීසා අත්හිටුවීම පිළිබඳ එරට බලධාරින්ගෙන් විමසා සිට ඇති අතර ඔවුන් පවසා ඇත්තේ 2007 වර්ෂයේ ඇගේ ගමන් බලපත්‍රය යොදාගෙන ඕමාන් රටේ සේවයට ගොස් පසුව සේවා ස්ථානයෙන් පැන ගොස් ඇති බවත් පසුව රටට ඇතුළත්වූ අදාළ බලපත්‍රය සහිත ඇය එරටින් පිටව ගොස් නොමැති වීම හේතුවෙන් බව එරට බලධාරින් ඇයට පැවසු බව එල්.ඒ.ගීතානී සඳහන් කරන අතර 1998 වසරේ 2005 දක්වා මැදපෙරදිග රටවල් කිහිපයක නිතියානුකුලව සේවයට ගොස් නැවත සේවා කොන්ත්‍රාත් කාලය අවසනවීම සමග තම මව් බිම බලා පැමිණ ඇති ඇයට රට සේවාව කළ කාලය තුළ කිසිදු ගැටලුවක් සිදුව නොමැති බවත් 2007 වසර තුළ ලංකාවේන් පිට නොගිය බවත් එම වසර තුළ ලංකාවේ ම ජීවත් වූ බවට ලංකාවේ රාජ්‍ය ආයතන තුළ ඔනෑ තරම් සක්ෂි ඇති බව පවසන ඇගේ සැමියා චෝදනා කරන්නේ තම බිරිඳගේ නමින් ඇති ගමන් බලපත්‍රයට සමාන බලපත්‍රයක් සකසා කුමන හෝ ඒජන්සියක් හරහා කවුරුන් හෝ ඕමාන් රටට ගොස් ඇති බවත් ඒම අවස්ථාවේ එලෙස රට සේවයට ගොස් ඇති තැනැතිය සිදු කර ඇති අනීතික ක්‍රමය මත තම බිරිඳ හා දරුවන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි.

සේවය අත්හිටුවීම හා වීසා අත්හිටුවීම මත එල්.ඒ.ගීතානී සේවය කරමින් සිටි නිවසේ හිමිකරුවන් ඇයව ක්වෙට් රටේ පාහිල් නගරයේ නිලු ඒජන්සිය වෙත ගෙනැවීත් දමා ඇති අතර ඇය මෙරට ගෙන්වා ගැනීමට නම් රුපියල් 750,000 මුදලක් ලබා දීය යුතු බවට අදාළ ඒජන්සිය පැවසූ බව කියන එල්.ඒ.ගීතානීගේ සැමියා වන රත්නායක මුදියන්සේලාගේ අමරදාස පවසා සිටින්නේ අද වනවිට කුඩා දරුවන් තිදෙනෙකු සිටින බැවින් කුලී රැකියාවක් වත් කර ගැනීමට යෑමට නොහැකිව අසරණ වී සිටින බැවින් හා කන්න බොන්නවත් නොමැති ජීවත්වන්නට සිදුව අසරණ වී සිටින මොහොතක රුපියල් 750,000ක් වැනි මුදලක් ගෙවා බිරිඳ මෙරටට ගෙන්වා ගැනීමට නොහැකීව තමන් කබලෙන් ළිපට වැටී ඇති බවත් රුපියල් 750,000 වැනී මුදලක් තමන්ට තිබෙනම් තම මව් රට හා දරුවන් හා සැමියා අතහැර විදේශිය රටක සේවයට යන්නේ ද යන්න අමරදාස රටේ වගකිවයුතු බලධාරින්ගේන් ප්‍රශ්න කර සිටි.

සිද්ධිය සම්බන්ධයෙන් එල්.ඒ.ගීතානී ගේ සැමියා වන රත්නායක මුදියන්සේලාගේ අමරදාස නැමැත්තා විසින් අනුරාධපුර විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් මේ දක්වා සැලකිය යුතු විමර්ණයක් සිදුව නැතැයි අමරදාස පවසන අතර රටේ වගකිවයුතු පුද්ගලයින් හා ආයතනවලින් ඉල්ලා සිටින්නේ තම බිරිඳ හා දරුවන් මෙන්ම තම පවුලම අසරණතාවයට පත්වූ මෙම සිදුවීම හා තම බිරිඳගේ ගමන් බලපත්‍රය භාවිත කොට විදේශීය රටක සේවයට ගොස් ඇති අය හා වෙනත් කෙනෙකුගේ බලපත්‍ර යොදා ගෙන වෙන කෙනෙකු විදේස් රට සේවයට යැව් පුද්ගලයා හො ආයතන කුමක්ද යනුවෙන් සොයා බලා ඊට අදාළ නීතිමය පිර ගන්නා ලෙසට ඉල්ලා සිටිති.

ගලෙන්බිඳූණුවැව – චින්තක ක්‍රිශාන්ත

advertistmentadvertistment
advertistmentadvertistment