මස්කෙළියේ වැසියන්ට කඳුකර කොටියාගෙන් හිරිහැර

727

මස්කෙළිය ප්‍රදේශයේ නිවසක සුරතලේට ඇති කරන සුනඛයෙකු කඳුකර කොටියෙකු පැමිණ ගොදුරු කර ගැනීමට උත්සහ කරන සීසීටීවි දර්ශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණි.

නිදාගෙන සිටි සුනඛයා එකවරම කෑ ගසන හඬ ඇසී නිවසේ හිමිකරු කඳුකර කොටියා සුනඛයා ගොදුරු කරගෙන දිව යන අයුරු දැක කෑගසමින් කඳුකර කොටියා පසුපස දිවයනවිට කඳුකර කොටියා ගොදුර අතහැර තේ වත්ත දෙසට දිවගොස් ඇත.

කඳුකර කොටියාගෙන් මිදි දිවි ගලවාගත් සුනඛයාට සුලුතුවාල පමණක් සිදු වී ඇති බවට වාර්තා වන අතර, මස්කෙළිය ප්‍රදේශයේ තේ වතු ආශ්‍රිතව කඳුකර කොටියන් විශාල ප්‍රමාණයක් වෙසෙන අතර , එම කොටියන් නිවාසවල සුරතලේට ඇති කරන සුනඛයින් රැගෙන යන බවයි මස්කෙළිය ප්‍රදේශවාසීන් කියා සිටියේ.

සටහන – නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment