ක‍්‍රීඩාවත් පේ‍්‍රමයත් පාදක කර නිර්මාණය වන ‘ඇස්’

168

සමීර හසුන් අධ්‍යක්ෂණය කරන ”ඇස්” ටෙලිනාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා සීනෝර් හෝටලයේදී පැවැත්විණි. ”ඇස්” ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදනයකි. වර්තමානයේ පුංචි තිරයේ දිගහැරෙන ටෙලි නාට්‍යවලට සාපේක්ෂව වෙනස්ම තේමාවක් රැගත් කතාවක් වන ‘‘ඇස්’’ උද්යොගීමත් ක‍්‍රීඩාවක් වන බොක්සිං ක‍්‍රීඩාවත් පේ‍්‍රමයත් පාදක කරගෙන නිර්මාණය වී තිබේ.

‘‘මම සමනලයෙකු සේ පාවී අවුත්, මී මැස්සෙකු මෙන් දෂ්ට කරනවා’’ බොක්සිං ලෝකයේ දැවැන්තයෙකු වූ මොහොමඩ් අලි බොක්සිංවල ඇති උත්ප‍්‍රාස ප‍්‍රහාරාත්මක බව වචනවලට ගැලපුවේ එහෙම. බොක්සිං ක‍්‍රීඩාව ජන සංස්කෘතියට වඩාත් දැනෙනුයේ අත් වැසුම් පැළඳ අත්වලට ජයග‍්‍රාහී ජවය එක් කරන්න අවශ්‍ය වේගය හා නිවැරදි මොහොත තීරණය කෙරෙන මසැස හා මනස මෙහෙයවීම මතයි. ”ඇස්” ටෙලිනාට්‍යයේදී බොක්සිං ක‍්‍රීඩා කරන විට මුහුණු ආවරණය, අත් වැසුම් මෙන්ම හිස් වැසුම් පැළඳ වූ පසුව අනෙකාට පේන්නේ ක‍්‍රීඩකයාගේ ඇස් විතරයි. මෙසේ ඇස් හරහා හුවමාරු වන හැඟීම් තුළින් ආරම්භ වන පේ‍්‍රමවෘතාන්තයත් බොක්සිං ක‍්‍රීඩාවත් යන දෙකෙහි සම්මිශ‍්‍රණයෙන් පේ‍්‍රක්ෂකයින්ට වෙනස් ආරක අත්දැකීමක් ලබා දෙන්න අපි උත්සහ කරනවා.

ක‍්‍රීඩාවත් පේ‍්‍රමයත්  පාදක කර  නිර්මාණය වන 'ඇස්'

ඇස් ඇතුලේ බොක්සිං ක‍්‍රීඩාවේ උද්යෝගය, විචාරශීලීත්වය, විචක්ෂණ බව, හික්මීම, විනය ආදී ඉසව් රාශියක් එකට කැටිකොට නිර්මාණය වූවක්. එලෙස ඇස් වලින් හදවතට කාන්දු කරවන්නේ ආදරයේ සදාතනික බැඳීමයි. ආකාෂ්ගෙයි, රොහාන්ගෙයි ජීවන අරගලය අතර ආදරය කොතැනද? බොක්සිං කොතැනද? ඒ ඔස්සේ ගොඩනැගෙන අනාගතය කොතැනද? යන මේ සෑම එකකටම හරිම පිළිතුර ඔබේ ඇස් මානයේ දිගහරිනවා’‘ යැයි ඇස් නිර්මාණ අධ්‍යක්ෂ සමීර හසුන් පවසනවා.

”ඇස්” තිර රචනය කර තිබෙන්නේ දිනේෂර පුංචිහේවා වන අතර ගීත්මා බණ්ඩාර, කුමුදිත ගුණවර්ධන, අෂේන් සිරිවර්ධන, කෞෂිණි තත්සරණි, ජයනි සේනානායක, බුද්ධික ජයරත්න, නිරෝෂන් විජේසිංහ, වසන්ත විට්ටච්චි, පියුමි බොතේජු, චතුර රාජපක්ෂ ඇතුළු තවත් නළු නිළියන් රැසක් එහි චරිත නිරූපනය කරති.

  • පාරමී කෞෂිකා
advertistmentadvertistment
advertistmentadvertistment