නවසීලන්තයේ ටේලර් ක‍්‍රිකට් මැෂිම නිම කරයි

345

නවසිලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවකු වූ රොස් ටේලර් පෙරේදා (04 වැනිදා) සිය ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග දිවිය නිමා කළේය.

වසර දහසයක් පුරා නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩා කළ රොස් ටේලර් එහිදි ටෙස්ට් ලකුණු 7683ක් සහ එක් දින ජාත්‍යන්තර ලකුණු 8607ක් ලබා ගෙන තිබේ.

නවසීලන්තය වෙනුවෙන් සිය අවසාන එක්දින ජාත්‍යන්තර තරගය ලෙස පෙරේදා නෙදර්ලන්තයට එරෙහි තරගයට රොස් ටේලර් ක‍්‍රීඩා කළ අතර එහිදී ඔහු ලකුණු දාහතරකට දැවී ගියේය.

නවසිලන්තය සඳහා ක‍්‍රීඩා කිරීම ගෞරවයක් බව සඳහන් කළ මෙම ක‍්‍රීඩකයාගේ අවසන් තරගය නැරඹීම සඳහා පවුලේ සාමාජිකයෝ ද පැමිණ සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment