රජකම එළිසබෙත් කුමරියට ලැබුණ හැටි

158

ඇය රැජිනක වීමට කිසිම දිනක සිහිනෙන්වත් නොසිතුවා ය. ඇය උත්පත්තිය ලැබුවේද සිංහාසනයට උරුමකම් නොකියමිනි. එහෙත් තරුණ එළිසබත් කුමරිගේ දෛවය නොහොත් ඉරණම මේ සියල්ල නොසිතූ නොපැතූ පරිදි වෙනස් කළාය. ඇයගේ මාමණ්ඩියගේ අසම්මත ආදරයත්, ඇයගේ පියාගේ අකල් මරණයත් තරුණ එළිසබත් කුමරියගේ ජීවිතය නොසිතූ ඉසව්වකට තල්ලු කර දැම්මේ මහ බරක් ඇයගේ හිසමත පටවමිනි. සිහිනෙන්වත් කිසිම දිනක නොසිතූ ලෙස ඇයට බි්‍රතාන්‍යයේ රජකම භාර ගැනීමට සිදුවූයේ ඇයගේ මාමණ්ඩිය රජකම අතහැර දෙවරක් දික්කසාද වූ ඇමෙරිකන් ගැහැනියක (ඇය කෝටිපතිනියකි) සමග දීග කෑමට ගිය බැවිනි. පනස් හය හැවිරිදි වියේ පසු වූ තම පියාගේ අකල් මරණය ද ඇයට රජකම ගැනීමටත් තවත් හේතුවක් විය.

එක් අතකින් මේ චරිත දෙකම තරුණ එළිසබත් කුමරියට ආශිර්වාදයක් වූවා යැයි අපට සිතේ. 1952 පෙබරවාරි 6 වැනිදා ඇයගේ පියා වන හයවන ජෝර්ජ් රජු නින්දේ දීම මිය ගියේ සැන්ඩි්‍රන්ග්හම් මන්දිරයේ සිටි (Sandringham) කිසිවකුට නොදැනෙන ලෙසිනි. පියාගේ අකල් මරණය වනවිට විසිපස් හැවිරිදි වියේ පසුවූ එළිසබත් කුමරිය විවාහ වී දරුවන් දෙදෙනකුගේ

මවක ද වී සිටියා ය. මාමණ්ඩියගේත් පියාගේත් අකල් වෙන්වීම නිසා සිංහාසනය හිස්වී ගියේය. රජකමට පත් කිරීමට සුදුස්සෙක් නො සිටියේය. සිටි එකම සුදුස්සා එළිසබත් කුමරිය විය. එළිසබත් කුමරියට අකමැත්තෙන් වූවද රජකම භාර ගැනීමට සිදුවිය. එකල පුංචි එළිසබත් කුමරියට එඩ්වඩ් නමින් මාමා කෙනකු සිටියේය. ඔහු ඩේවිඩ් නමින් ද හැඳින්විණි. 1936 ජනවාරි 20 වැනිදා එඩ්වඩ් පස්වන ජෝර්ජ් රජතුමාගෙන් පසු රජකමට පත්විය. ඉන්පසු ඔහු හඳුන්වන ලද්දේ අටවන එඩ්වඩ් රජු ලෙසිනි. එහෙත් අටවැනි එඩ්වඩ්ට සිංහාසනයේ රැඳී සිටීමට වාසනාවක් නොතිබිණි. ඔහු දෙවරක් කසාද බැඳ දික්කසාද වූ ගැහැනියක දැක ඇය පස්සේ යෑමට පටන් ගත්තේය. මේ ගැහැනිය නිසා එඩ්වඩ්ට පිස්සු හැදිණි.

රජකම එළිසබෙත් කුමරියට ලැබුණ හැටි
දෙවන එලිසබෙත් රැජනගේ දෙවැනි ශ්‍රී ලංකා සංචාරයේදී මහනුවර රජගෙදරට ගිය අවස්ථාවේ මහනුවර යුගයේ සම්ප්‍රදායික කලා ශිල්පීන් නිර්මාණය කරන ලද මැණික් ගල් ඔබ්බවා රනින් නිම කළ ඇත් රුවක් පිළිගැන්වූ මොහොත. එවක ජනපති ජේ. ආර්. ජයවර්ධන, එවක අගමැති ආර්. ප්‍රේමදාස, පරිවාර අමාත්‍ය ගාමිණී දිසානායක හා අමාත්‍ය ටිරෝන් ප්‍රනාන්දු සමඟ රාජකීය යුවළ

ඔහුට පිස්සු වැටුණේ නිව්යෝර්ක් නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු වන අර්නස්ට් සිම්ප්සන්ගේ බිරිඳ වන වොලිස් සිම්ප්සන් (Wallis Simpsom) නමැති දෙවරක් දික්කසාද වූ ගැහැනිය දැකීමෙනි. මෙම ගැහැනිය නිසා එඩ්වඩ්ගේ පිස්සුව කොයිතරම් තදවූවාද කියතොත් ඔහු දින 325ක් රජකමේ සිට එය අතහැර දමා සිම්ප්සන් නෝනා පස්සේ යෑමට පටන් ගත්තේය. තරුණ එඩ්වඩ්ට දෙවරක් දික්කසාද වූ සිම්ප්සන් මුණ ගැසුණේ 1931 ජනවාරි මාසයේ සාදයකදීය. ඇය මුණගැසුනදා සිට එඩ්වඩ්ගේ හැසිරීම් රටාව වෙනස් වීමට පටන් ගත්තේය. ඔහුට රජකම එපා වී ගියේය. එඩ්වඩ් රජකම් කිරීම පසෙක තබා සිම්ප්සන් පසු පස යෑමට පටන් ගත්තේය. රජ පවුලත්, රජයත් අපහසුතාවට පත්කරමින් එඩ්වඩ් සිම්ප්සන්ගේ පහස සොයා ගියේය. රජය තුළ ප්‍රශ්න ඇතිවීමට පටන් ගත්තේය. මේ නිසා රජ පවුලේ භේද ඇති වීමට පටන් ගත්තේය. අන්තිමට එඩ්වඩ් රජකමත් රජ පවුලත් අතහැර දමා සිම්ප්සන් විවාහ කර ගත්තේය. එතැන් සිට ඔහු රජ පවුලෙන් ඉවත් කරන ලදී. ගැහැනියක නිසා රජකම අතහැර ගිය එඩ්වඩ්ට බර්ටි නමින් සහෝදරයෙක් ද සිටියේය. ඔහු එඩ්වඩ් තරම් ක්‍රියාශීලි පුද්ගලයකු නොවීය. ගොත ගසමින් කතා කිරීම නිසා ඔහු සමාජයට ඒමට බියක් දැක්වීය. (මොහුගේ චරිතය පසුබිම් කරගෙන The Kings Speech නමින් චිත්‍රපටයක් ද නිපදවිණි. එළිසබත් කුමරියගේ පියා වූයේ බර්ටි ය. බර්ටි තදින්ම දුම්පානයට ඇබ්බැහි වූවෙකි.

ඔහු දුම්පානයට කොයිතරම් ඇබ්බැහි වූවාද කියතොත් ඔහුගේ පෙනහැල්ලක කොටසක් නරක් වී ගියේය. පසුව සැත්කමක් මගින් එය ඉවත් කිරීමට සිදුවිය. සිය සොහොයුරා රජකම අතහැර රජගෙදරින් පිටවී යෑම නිසා බර්ටිට රජකම පැවරීමට රජගෙදර ඇත්තන් තීන්දු කළහ. මේ අනුව බර්ටි හයවන ජෝර්ජ් රජු ලෙස සිංහාසනාරූඪ විය. පියා රජකමට පත්වෙන විට එළිසබත් කුමරිය ලුතිනන් පිලිප් මවුන්ට්බැටන් සමග විවාහ වී සිටියා ය. ජෝර්ජ් රජුට කළ සැත්කමෙන් පසු ඔහුට තරමක් සුවය ලැබිණි. සිය පියාට සුවය ලැබීම නිසා එළිසබත් කුමරිය සිය වල්ලබයා සමග කෙන්යාවේ චාරිකාවක් යෑමට තීන්දු කළාය. ඔවුන්ගේ ගමනට සුබ පැතීම සඳහා ජෝර්ජ් රජුද හීත්‍රෝ ගුවන්තොටුපළට පැමිණ සිටියේය. එය ඔවුන් දෙදෙනාගේ අන්තිම හමුවීම විය. පියාගේ හදිසි මරණය නිසා ආපසු සිය රටට පැමිණි එළිසබත් කුමරිය සහ පිලිප් කුමරු පිළිගැනීම සඳහා හීත්‍රෝ ගුවන් තොටුපළට පැමිණ සිටියේ එවකට බි්‍රතාන්‍යයේ අගමැතිව සිටි වින්ස්ටන් චර්චිල්ය. සිය පියාගේ මරණයෙන් පසු මීළඟට රජ වෙන්නේ එළිසබත් කුමරිය බව අගමැති චර්චිල් හොඳින් දැන සිටියේය. මේ නිසා ඔහු හීත්‍රෝ ගුවන් තොටුපළේදී ඇය පිළිගත්තේ ඉතාමත් හරසරින් හා ගෞරවයෙනි.

1952 දී බි්‍රතාන්‍යයේ රජකමට පත් එළිසබත් කුමරිය එතැන් සිට හඳුන්වන ලද්දේ දෙවන එළිසබත් මහ රැජින ලෙසිනි. ඇයට ඔටුනු පැළඳවීම නොහොත් ඇයගේ මෞලි මංගල්‍යය පවත්වන ලද්දේ 1953 ජුනි 2 වැනිදා ය. ඉතා උත්කෘෂ්ඨවත් අන්දමින් පවත්වන ලද මෙම මහා මංගල්‍යයට පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් සියලුම රාජ්‍ය නායකයන් ද අනික් රටවල නායකයන් ද පැමිණ සිටියහ. වෙස්ට්මිනිස්ටර් දෙව් මැඳුරේදී පවත්වන ලද මෙම උත්සවයට සහභාගී වූ ආරාධිත අමුත්තන්ගේ ගණන අටදහකට වැඩිය. එළිසබත් මහ රැජිනට දුවක ද පුතුන් තිදෙනකු ද සිටී. ඇයගේ පළමුවන දරුවා චාල්ස් කුමරුය. 1948 දී උපත ලැබූ චාල්ස් කුමරුගේ සම්පූර්ණ නම චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ්ය. ඈන් කුමරිය, එඩ්වඩ් සහ ඇන්ඩෲ කුමරුවන් ඇයගේ අනිත් දරුවන්ය.

නැවත පළ කිරිමකි

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ආතර් යූ. අමරසේන

advertistmentadvertistment
advertistmentadvertistment