දෙනියායේ පිහිඇනුමට ලක්වූ කොස්තාපල් මියයයි

153

භික්ෂුන් වහන්සේ නමක් විසින් පසුගිය 16 වැනි දින දෙනියාය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙල කපා තුවාල සිදු කිරීම හේතුවෙන් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොස්තාපල්වරයා ඊයේ උදෑසන මියගිය බව කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ කාර්යාලය පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ කටුවන උඩගොමඩිය පදිංචි දෙනියාය පොලිස් ස්ථානයේ සේවය කළ විරිත්තමුල්ල ගමගේ ධනුෂ්ක (89411) නමැති කොස්තාපල්වරයෙකි.
මෙම කොස්තාපල්වරයා විවාහක තිදරු පියෙකු වන අතර සැකකාර හිමියන්ගේ 20 හැවිරිදි අක්කා සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් එදිනද කොස්තාපල්වරයා හිමියන්ගේ අක්කාගේ නිවසට ගොස් සිටියදී සැකකාර හිමියන් දුරකථන ඇමතුමක් දී කොස්තාපල්වරයා පල්ලේගම සම්බෝධි වැඩිහිටි නිවාසය අසලට ගෙන්වා ගෙන බෑගයේ සඟවා ගෙන සිටි පිහියකින් ගෙල කපා ඇති බවද අනාවරණය වී තිබේ.

සැකකාර 18 හැවිරිදි හිමිනම දෙනියාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 29 වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment