කොවිඩ් විද්‍යාත්මකව කළමනාකරණය කළ නිසා සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් ඇති වෙලා – සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප‍්‍රනාන්දු

171

කොවිඩ් වසංගතය විද්‍යාත්මකව කළමනාකරණය කිරීමට ශී‍්‍ර ලංකාව සමත්වීම නිසා ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව ශී‍්‍ර ලංකාවට සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් දැකිය හැකි යැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප‍්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

ඒ අනුව නව වසරේ මේ වනවිට ශී‍්‍ර ලංකාවට පැමිණ හෝටල්වල රැඳී සිටින විදේශීය සංචාරකයන් ගණන 31,600 ක් පමණ යැයි ද සඳහන් කළාය.

ඇය මේ බැව් පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (13 දා) සංචාරයට අවසරයි මැයෙන් පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මෙම මාධ්‍ය හමුවට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සහ සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය ද සහභාගි වූහ.

ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් මෙහෙයවූ මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය වූ තොරතුරු මෙසේය.

සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා

ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය ඉතිහාසයේ නොවූ විරූ ලෙස සංචාරක කර්මාන්තය බිඳවැටීමට ප‍්‍රධාන හේතුවක් විය. ක්ෂේත‍්‍රයේ දශලක්ෂයකට අධික පිරිසකගේ සෘජු සහ වක‍්‍ර රැකියා අවස්ථා අහිමි කිරීමට තරම් එය බලවත් විණි. එමගින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ලැබුණු විශාල මුදලක් රටට අහිමි වූවා.

රටට විදේශ පේ‍්‍රෂණ ලැබීමේ ප‍්‍රධාන මූලාශ‍්‍රයන් අතර සංචාරක කර්මාන්තයට ලැබුණේ තෙවන ස්ථානයයි. අන්‍ය මූල්‍ය උත්පාදන ක්ෂේත‍්‍රයන්ට සාපේක්ෂව සංචාරක කර්මාන්තයේ ආදායම රටට ලැබුණේ ශුද්ධ ආදායමක් ලෙසය. පවතින තත්ත්වය මගහරවා ගනිමින් සංචාරක ක්ෂේත‍්‍රයේ වර්ධනයට සම්බන්ධ රාජ්‍ය, රාජ්‍ය නොවන සහ විදේශ දූත සේවා ද සම්බන්ධ කර ගනිමින් ධනාත්මක ප‍්‍රවේශයක සිට පොදු අරමුණකින් කටයුතු කළ යුතුයි.

නව සැලසුම් සහ ක‍්‍රමෝපායයන්ට අනුගතව වසර 2030 වනවිට සංචාරකයන් මිලියන 07ක් මෙරටට ආකර්ෂණය කරගනිමින් ඇ.ඩො. බිලියන දහයක ආදායමක් උපයා ගැනීම තම අමාත්‍යාංශයේ අරමුණයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප‍්‍රනාන්දු මහත්මිය

කොවිඩ් වසංගතය විද්‍යාත්මකව කළමනාකරණය කිරීමට ශී‍්‍ර ලංකාව සමත්වීම හේතුවෙන් ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් ලංකාවේ දැකිය හැකියි. අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කරගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් සංචාරක සංවර්ධන අධිකාරිය සතුය.

සංචාරක ආකර්ෂණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ස්වභාවික සම්පත් හා මානව සම්පත් සතු සංස්කෘතිය, හැකියා සහ විභවතා විද්‍යාත්මක ලෙස ප‍්‍රවර්ධනය කිරීමටත් එමගින් ලංකාවට ශීඝ‍්‍රයෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට පියවර ගැනීම ප‍්‍රධාන අරමුණයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය

ගෘහාශි‍්‍රත සහ මධ්‍ය පරිමාණ වශයෙන් සංචාරක කර්මාන්තය ආශි‍්‍රත ව්‍යවසායකයන් සියලූදෙනාට විධිමත් පුහුණුවක අවශ්‍යතාව පවතී. යටිතල පහසුකම් සංවර්ධනය මගින් ගුණාත්මක සේවයක් සැලසිය හැකි වන පරිදි සේවය ප‍්‍රමිතිගත තත්ත්වයන්ට පත්කිරිම ද අපේක්ෂාවකි.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සහ කළමනාකරණය ප‍්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යෑමට අවශ්‍ය නවතම මෘදුකාංගයක් ඉදිරියේදී හඳුන්වා දීමට පියවර ගන්නවා.

සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා පොලිසිය මගින් පවත්වාගෙන යනු ලබන සංචාරක පොලිස් සේවාව නවමු ස්වරූපයකින් ඒකක වර්ධනය කිරීමට ද සැලසුම් කර තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment