චීන ගංගාවක නැවක් පාලමකට කඩා වැදී දෙකක් මරුට

294

දකුණු දිග චීනයේ පර්ල් ගංගාවේ යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඊයේ (22දා) උදෑසන මගී පාලමක ගැටීම හේතුවෙන් පාලම මත ගමන් කරමින් තිබූ බසයක් ඇතුළු වාහන පහක් ගඟට වැටීමෙන් දෙදෙනකු මියගොස් තවත් එක් අයකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. දකුණුදිග චීනයේ ගුවන්ග්සවු නගරයේ සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් මගීන් තිදෙනකු අතුරුදන්ව සිටින බව වාර්තා වී තිබේ. මෙම අනතුර සම්බන්ධයෙන් මගී පාලමේ ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර එම ප්‍රදේශයේ පදිංචි ජනතාව එම ස්ථානයෙන් ඉවත් කර ආරක්ෂිත ස්ථානවලට රැගෙන යෑමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. පාලමට කඩා වැදුණු නෞකාව හේතුවෙන් පාලමේ කොටසක් කැඩී ගොස් ඇති අතර නෞකාව පාලමේ සිරවී තිබෙන බව ආරංචි මාර්ග පවසයි. බලධාරීන් විසින් මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් දියත් කර තිබේ.

මෙම අනතුර සිදු වූ වරාය චීනයේ තිබෙන කාර්යබහුලම වරායක් සේ සැළකේ. පාලමේ ගැටුනු නෞකාව අයත් නැව් සමාගම අනතුර සමබන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට සහය දක්වන බව පවසා තිබේ. චීන බලධාරීන් විසින් නෞකාව අනතුරට පත් ප්‍රදේශයේ ජල සැපයුම හා අන්තර්ජාල සබඳතාව විසන්ධි කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment