ස්ත්‍රී දූෂණ චෝදනා මත ඔස්ට්‍රේලියානු බිෂොප්වරයකු අත්අඩංගුවට

226

ළමා හා ස්ත්‍රී දූෂණ චෝදනා ඇතුළු චෝදනා 16ක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ සිටින ජ්‍යෙෂ්ඨ කතෝලික බිෂොප්වරයකු වන ක්‍රිස්ටෝපර් ඇලන් සෝන්ඩර්ස් බටහිර ඔස්ට්‍රේලියානු පොලිසිය විසින් පෙරේදා (21දා) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් බිෂොප්වරයාට එරෙහිව ළමයකු හා කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනා දෙකක් හා නීතිවිරෝධී හා අශෝබන පහරදීම් සිදු කිරීමේ චෝදනා 14ක් එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

සෝන්ඩර්ස් බිෂොප්වරයා විසින් 2008 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාවේ සිදු කළ ළමා /ස්ත්‍රී දූෂණ හා පහරදීමේ සිදුවීම්වලට අදාළව චෝදනා ඉදිරිපත්ව ඇති අතර ඔහු ඊයේ (22දා) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ. කෙසේ වුවද ලබන ජුනි මාසයේ පැවැත්වෙන මීළඟ නඩු විභාගය වන තෙක් බිෂොප්වරයට සිය නිවසේම රැඳී සිටින ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment