මාරාන්තික නිවුමෝනියා රෝගයක් බටහිර රටවල පැතිරෙයි

4131

කොරෝනා හා මන්කිපොක්ස් රෝගවල පැතිරීම අඩු වෙමින් පවතින වාතාවාරණයක් තුළ මාරාන්තික නිවුමෝනියා රෝගය බෝ කරන ‘එච් එම් පී වී’ (හියුමන් මෙටනිවුමෝ වෛරස්) නමැති ශ්වසන ආසාදනයක් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කිහිපයක පැතිරීම ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

කොරෝනා ආසාදනයේ හා උණ රෝගයේ රෝග ලක්ෂණ සහිත මෙම රෝගය මෙයට වසර හතරකට පෙර සාමාන්‍යයෙන් වයස්ගත අයට වැළඳෙන රෝග තත්ත්වයක් වුවද මේ වන විට එ ය මාරාන්තික නිවුමෝනියා රෝගය හෝ බ්‍රන්කයිටිස් රෝගය වැළඳීමට හේතුවන දරුණු රෝග තත්ත්වයක් ලෙස වර්ධනය වී ඇති බව ඇමරිකානු රෝග පාලනය හා නිවාරණ මධ්‍යස්ථානය විසින් අවධාරණය කර තිබේ. කැස්ස, උණ, නාසයෙන් සොටු දියර ගැලීම, නාසය අවහිර වීම, උගුර රිදීම, හුස්ම සිර වීම හා හුස්ම ගැනීමේ අපහසුව යන රෝග ලක්ෂණ මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර මෙම වෛරස් රෝගය පිළිබඳව බොහෝ දෙනා නොදැන සිටීම හේතුවෙන් එය ඉදිරියේදී බොහෝ දෙනා නොදන්නා වැදගත්ම වෛරස් රෝගයක් බවට පත් වනු ඇතැයි ඇමරිකා එක්සත් ජනපදයේ පීටස්බර්ග් සරසවියේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන ජෝන් විලියම්ස් පවසා තිබේ. වැඩිහිටි, ළමා හා මහලු යන සෑම වයස් කාණ්ඩයකම අයට වැළඳෙන මෙම රෝගය දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති හා ඇදුම වැනි ශ්වසන ආබාධ පවතින පුද්ගලයන්ට මාරාන්තික විය හැකි බව ඔහු සඳහන් කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment