ත්‍රි’මලේ බැංකුවක් විවෘත කරන්නත් සීතාරාමන් එක් වෙයි

557

ශ්‍රී ලංකාවට තුන් දින නිල සංචාරයක් සඳහා පැමිණ සිටින ඉන්දීය මුදල් ඇමති සීතා රාමන් මහත්මිය ඊයේ (02දා) ත්‍රිකුණාමලය ප්‍රධාන වීදියේ පිහිටි ‘ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්දියා’ බැංකු ශාඛාව විවෘත කළාය.

ඇය පසුව ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිලේ විශේෂ පූජාවකටද සහභාගි වී අනතුරුව ත්‍රිකුණාමලයේ පිහිටි අයි.ඕ.සී. තෙල් ටැංකි පර්යන්තය නිරීක්‍ෂණයට ද එක්වූවාය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බංග්ලේ මහතාද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සුජීව තත්සර සහ ත්‍රිකුණාමලය – සමන් මල්ලවාරච්චි, කන්තලේ – වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment