අවුරුදු අටේ දරුවා විපතේ හෙලූ මාමා අත්අඩංගුවට

461

වයස අවුරුදු 8 ක බාලවයස්කාර පිරිමි දරුවකුහට බරපතළ අපයෝජනයක් සිදුකළ පුද්ගලයකු පෙරේදා (22 දා) අත්අඩංගුවට ගත් බව රාජාංගනය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දරුවාගේ මාමා වන 26 හැවිරිදි පුද්ගලයෙකි.

අසල නිවසක සිටින දරුවාගේ ලොකු තාත්තාට ඖෂධ පානයක් ලබාදීමට මව ගිය අවස්ථාවේ සැකකරු විසින් මෙම අපයෝජනය සිදුකර තිබූ බව පොලිසිය කියයි.

පැමිණිලිකාරියගේ මල්ලී වන අත්අඩංගුවට ගත් මෙම සැකකරු නිවසේ තාවකාලිකව වාසය කරමින් සිටියදී මෙම අපයෝජනය සිදු කර ඇති බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මීට පෙර අවස්ථා කිහිපයකදීම එම දරුවා අපයෝජනයට ලක්කර ඇති බව අනාවරණය වූ බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගනය පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment