කුරාණයට අපහාස කිරීමේ චෝදනාවෙන් ගලගොඩඅත්තේ හිමි නිදහස්

209

ඉස්ලාම් ධර්මයට සහ කුරාණයට අපහාස කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබු නඩුවෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (10දා* නියෝග කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා ගොනු කර නඩු පැවරීමක් සිදුනොකරන බවට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි සඳහන් කරමින් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කළ කරුණු දැක්වීම සලකා බැලූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

මෙයට වසර කිහිපයකට පෙර පොලොන්නරුව ප‍්‍රදේශයේ පැවැති රැුස්වීමකදී කළ ප‍්‍රකාශයක් මගින් කුරාණයට සහ ඉස්ලාම් ධර්මයට අපහාස කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව පරීක්‍ෂණ පැවැත්වූ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විමර්ශන උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment