ඉන්දීය ආරක්ෂක ප‍්‍රධානියාගේ මරණය ගැන පරීක්ෂණයක්

372

ඉන්දියාවේ ආරක්ෂක කාර්ය
මණ්ඩල ප‍්‍රධානියා වූ ජෙනරාල් බිපින්
රාවත් ඇතුළු 11 දෙනකු මරුමුවට
පත් කරමින් තමිල්නාඩු ප‍්‍රාන්තයේ
පසුගියදා සිදුවූ හෙලිකොප්ටර් යානා
අනතුර පිළිබඳව විශේෂ පරීක්ෂණයක්
සිදුකරන බව ඉන්දීය ආරක්ෂක
ඇමැති රාජ්නාත් සිං පවසා තිබේ.

මෙම හෙලිකොප්ටර් යානා
අනතුර පිළිබඳව ත‍්‍රිවිධ හමුදා
පරීක්ෂණයක් පැවැත්වීමට ඉන්දීය
ගුවන් හමුදාව විසින් අදාළ අංශ වෙත
උපදෙස් දී ඇති බව ඉන්දීය ආරක්ෂක
ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී
පවසා තිබේ. තමිල්නාඩු ප‍්‍රාන්තයේ
වෙලින්ටන් හි පිහිටි හමුදා විදුහලක පුහුණුව ලබන
සිසුන් සමග අන්තර් ක‍්‍රියාකාරකම්වල නිරත වීම සඳහා
ජෙනරාල් රවාත් ඇතුළු පිරිස
හෙලිකොප්ටරයකින් ගමන් කරමින්
සිට ඇති අතර හදිසියේම එම
හෙලිකොප්ටරය සුළු ගුවන් හමුදා
කඳවුර සමග පැවති සන්නිවේදන
කටයුතු නතර වී ඇති බව ආරක්ෂක
ඇමැතිවරයා පවසා තිබේ.

අනතුරුව යානය ගිනි ගෙන කඩා වැටුණු බව
වාර්තා වී තිබිණි. රණවිරුවකු සේ
සැළකෙන ජෙනරාල් රවාත්ගෙ
් දේහය දිල්ලි නගරයට ගෙන
ආ විට රජයේ මැති ඇමැතිවරුන්
හා විශාල පිරිසක් අවසන් ගෞරව
දක්වා තිබූ අතර ඔහුගේ අවසන්
කටයුතු ඊයේ (10 දා* පූර්ණ හමුදා
ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment