මහබාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු යුද හමුදාවේ

431

මහබාගේ ප්‍රදේශයේ දී ඉකුත් 21 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍ය ව සිටි ප්‍රධාන සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින, යුද හමුදා චෙංකලඩි කඳවුරේ හතර වැනි ගැමුණු හේවා බලඇණියේ සේවය කරන කෝප්‍රල්වරයෙකි.සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගැනීමට යාමේ දී මඩකලපුව – චෙංකලඩි කඳවුරේ සිට පළා ගොස් තිබේ.පසු ව යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරින් විසින් අම්පාර ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘වැල්ලේ සාරංග’ යන අයගේ ඥාතියෙකු වන ‘උක්කුවා’ නමැත්තාට සංවිධානාත්මක අපාරාධකරුවෙකු ලෙස සැලකෙන නිපුන නැමත්තාගේ පිරිසක් විසින් පසුගිය 21 වැනි දා ‍වෙඩි තබා ඝාතනය කර තිබිණි.මෙම වෙඩි තැබීම සඳහා අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු තවත් යුද හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනෙකු පැමිණ තිබූ බව ‍පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment