බඹරෙක් දෂ්ට කළොත් කෙළින්ම රෝහලට එන්න – වෛද්‍ය පාලිත රාජපක්ෂ

44

තේ වතු ආශ්‍රිතව රැකියා කරන කම්කරු ජනයා මෙන්ම ගෙවතුවල වැඩපළ කරන ගොවි ජනයාත් අනපේක්ෂිතව බඹර සහ දෙබර ප්‍රහාරයන්ට ලක්වූ විට රෝහල් ගත කිරීමට පෙර කළ යුතු සහ නොකළ යුතු ප්‍රථමාධාර පිළිබඳ බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානී සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.

බඹර හෝ දෙබර දෂ්ට කිරීමකදී ඉතාම ඉක්මනින් රෝහලට පැමීණීම ඉතාම වැදගත්ය.

මෑත දිනයක විශාල බඹර ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයකු බදුල්ල ශික්ෂණ රෝහල් ගත කළ අතර එක් අයකුගේ බඹරු කීපදෙනෙක් කන තුළට රිංගා තිබේ.

තවත් දිනයක රෝහලට ඇතුළත් කළ කාන්තාවකගේ නාස් කුහර දෙක තුළ බඹරුන් එකොළොස් දෙනෙක් සිරවී සිට ඇත.

කන තුළ සිරවී සිටින සතුන් ඉවත් කිරීමට කන තුළට කෝටු වැනි දෑ ඇතුළු කිරීම හෝ තෙල් වර්ග දැමීම හෝ නොකළ යුතුය.

විශේෂයෙන් කන් බෙරය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත්ය. රෝගියාගේ වේදනාව අඩු කර ගැනීමට පැරසිටිමෝල් ලබා දීම කළ හැකිය.

කනට රිංගු බඹරාගේ හෝ දෙබරාගේ දෂ්ට කිරීම වැළැක්වීමට ඔලිව් ඔයිල් දැමීම වඩාත්ම සුදුසුය. එසේ නොවන අවස්ථාවේදී පිරිසිදු වතුර කනට පුරවා ටික වෙලාවක් තිබීමට ඉඩ හැරීම කළ හැකිය. එවිට සතා මරණයට පත්වී දෂ්ට කිරීම වැළකේ. තේ ගස්වල යට කොටසේ බඹර වද ඇති අවස්ථාවලදී තේ දලු නෙළන කම්කරු ජනයා බොහෝවිට බඹර ප්‍රහාරයන්ට ලක් වන බව පෙනේ.

බදුල්ල – එච්.එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment