කොවැක්ස් පහසුකම යටතේ ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත් මාත‍්‍රා 100,000ක්

338

කොවැක්ස් පහසුකම හරහා ෆයිසර්-බයෝඑන්ටෙක් කොවිඞ් – 19 එන්නත් මාත‍්‍රාවන් 100,000 ක් ශ‍්‍රී ලංකාවට පරිත්‍යාග වශයෙන් ඉකුත් 28 වැනිදා ලැබුණි.

 මෙම පරිත්‍යාගය ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලීනා ටෙප්ලිට්ස් මහත්මිය විසින් තානාපති නිල නිවසේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

 වසංගතය අවසන් කිරීම සඳහා ශක්තිමත් එන්නත්කරණ වැඩසටහනක් අඛණ්ඩව පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය වන අතර ඇමරිකානු ජනතාව ඒ සඳහා ලබා දුන් සහයෝගයට ස්තුති වන බව එම එන්නත් තොගය භාර ගනිමින් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.

 මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං, යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක‍්‍රිස්ටියන් ස්කෝග්, ඇමරිකානු ආධාර ව්‍යාපෘතියේ ශ‍්‍රී ලංකා මෙහෙවර අධ්‍යක්ෂ රීඞ් ඊෂ්ලිමන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා* වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment