මේ වසරේදී කොරියානු රැකියා 8000 ක්

42

ලැබුණු රැකියා කෝටාව ඉක්මවා ශ්‍රමිකයන් බඳවා ගැනීමට එකඟතාව

කොරියානු රැකියා සඳහා 6500 ක රැකියා කෝටාවක් මෙරටට ලබාදී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000 ක් කොරියානු රැකියා සඳහා බඳවා ගන්නා බවට ඇමැති මනූෂ නානායක්කාර මහතා සමග කළ සාකච්ඡාවකදී කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්‍ෂවරයා එකඟතාව දක්වා ඇත.

කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්‍ෂ ලී මහතා සහ අමාත්‍යවරයා අතර ඊයේ (26 දා) පැවැති සාකච්ඡාවේදී මේ එකඟතාවය පළකර තිබේ. කොරියානු භාෂා ප්‍රවීණතාවය සමත්ව දැනට වෙබ් අඩවියේ රැකියා අපේක්‍ෂාවෙන් සිටින මේ වසරේ දෙසැම්බර් 31 දිනෙන් වෙබ් අඩවියේ කල් ඉකුත්වීමට නියමිත නිෂ්පාදන අංශයේ රැකියා අපේක්‍ෂිතයන් අතරින් 600 දෙනෙක් නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීමටද මෙහිදී එකඟතාව පළකර තිබේ. ඒ අනුව වෙබ් අඩවියේ කර්මාන්ත අංශයේ සිට නැව් ඉදිකිරීම් අංශය දක්වා රැකියා අංශය මාරු කිරීමෙන් මෙම රැකියා සඳහා යොමු කිරීමට නියමිතය. එසේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා මාරුවීමට කැමති රැකියා අපේක්‍ෂකයන් ඉක්මනින් ඒ සඳහා අයැදුම් කළ යුතු වේ. ලබන වසරේ සිට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය දැනට පත්වන පරිගණක පදනම් කරගත් සී.බී.ටී. ක්‍රමය වෙුනවට යූ.බී.ටී. ක්‍රමය ඔස්සේ පවත්වන බවටද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment