ගුරු සටන සඳුදා සිට දැඩි වෙයි

532

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් දැනට සිදු කරන වෘත්තිය ක‍්‍රියාමාර්ග ලබන සඳුදායින් පසු දැඩි කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (28 දා) පැවසීය.

අගමැතිවරයා සමග අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡුාවෙන් පසු ගුරු විදුහල්පති ගැටලූවලට විසඳුම් ලබාදෙන බව මාධ්‍යයට අගමැති කාර්යාලය විසින් ප‍්‍රකාශ කර තිබුණත් එවැනි විසඳුමක් දීමක් ගැන පැවැති සාකච්ඡුාවේදී එකඟ නොවූ බවද ඒ මහතා පැවසීය.

ගුරු විදුහල්පති ගැටලූ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය අනු කමිටුවක් පත් කර ඇතැයි ද ඔවුන් සමග සාකච්ඡුා කරන ලෙස වෘත්තීය සමිතිවලින් ඉල්ලා ඇතත් එවැනි කමිටුවක් පිළිබඳව වෘත්තීය සමිති කිසිවක් නොදන්නා බව ද ඒ මහතා කීය. අඩුම තරමින් එම කමිටුවේ සභාපති හෝ සාමාජිකයන්වත් නොදන්නා බැවින් කවුරුන් සමග සාකච්ඡුා කරන්න ද යන්න පැහැදිලි නැතැයි ද ඒ මහතා පැවසීය.

දිගින් දිගටම රජය විසින් ගුරු විදුහල්පති ගැටලූවලට විසඳුම් ලබා නොදී කල් මැරීම තුළින් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වී සිටින වෘත්තීය ක‍්‍රියාමාර්ගය තවදුරටත් ඉදිරියට ගෙන යමින් වෘත්තීය අරගලය දැඩි කිරීමට වෘත්තීය සමිති තීරණය කළ බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment