කාලගුණයෙන් මරුවාට තල්ලුවක්- ඉහළ මහලෙන් මුහුදට වැටුණු ඉංජිනේරුවා මරුට

718

ගාල්ල වරායේ නැංගුරම් ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවා නෞකාවේ ඉහළ මහලෙන් මුහුදට වැටීමෙන් ඊයේ (01 දා) අලුයම මියගොස් ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවා මුහුදට වැටීමෙන් පසු නෞකාවේ සේවකයන් ඔහු ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගොස් ඇත්තේ aleksejev vitalij නමැති 62 හැවිරිදි වියේ පසුවන ලිතුවේනියා ජාතිකයෙකි. මෙකී නෞකාව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් 29 දා සිට ගාල්ල වරායේ නැංගුරම් ලා තිබුණි. නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ දේහය මේ වනවිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට ඇත. තානාපති කාර්යාලය දැනුවත් කොට ඉදිරියේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment