ඇමරිකාවේ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් 21කට තුවාල

177

ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස් නගරයේ ඊයේ (15දා) පැවති සුපර් බෝල් පාපන්දු තරගාවලිය අවසානයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 21 දෙනකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් අතර කුඩා ළමුන් නවදෙනකු සිටින බව අනාවරණය වී ඇති අතර තුවාල ලබා රෝහල්ගත කළ පිරිසෙන් අට දෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසු වන බව බලධාරීහු පවසති.

පොලිසිය විසින් මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරීන් 800 කට අධික පිරිසක් වෙඩි තැබීම සිදු වූ ස්ථානයට ගොස් විමර්ශන අරඹා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තොරතුරු හා වෙඩි තැබීමට මුල් වූ හේතුව පොලිසිය විසින් අනාවරණය කර නොමැත.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment