යුරෝපය ශීඝ්‍රයෙන් රත් වේ

2779

දේශගුණික විපර්යාසයන් හේතුවෙන් හටගෙන ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය නිසා ලොව සෙසු කලාපවලට වඩා යුරෝපයේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව විද්‍යාඥයෝ පවසති. ජුලි මාසය තුළදී පිට පිට දෙවරක් වාර්තාගත අයුරින් අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයක් වාර්තා වීම හේතුවෙන් ගත වූ ජුලි මාසය ඉතිහාසයේ යුරෝපයෙන් මෙතෙක් වාර්තා වී ඇති අධිකම උෂ්ණත්වය සහිත මාසය ලෙස හඳුන්වා දිය හැකි බව ඔවුහු සඳහන් කර සිටිති.

අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු දිග යුරෝපා රටවල් බොහොමයක උෂ්ණත්වය ජුලි මාසයේදී පිට පිට දෙවරක් සෙල්සියස් අංශක 40 ඉක්මවා ගිය අතර ඒ හේතුවෙන් හටගත් තාපතරංග හෙවත් හීට් වේව් නිසා ග්‍රීසිය, ඉතාලිය, ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල් ගණනාවක මේ වන විටත් දරුණු ලැව් ගිනි ඇවිලෙමින් පවතී. මෙම දරුණු ලැව් ගිනි හේතුවෙන් ග්‍රීසියට අයත් සිසිලි දූපතේ සංචාරකයන් විශාල පිරිසකට ඔවුන් සිටි ප්‍රදේශවලින් ජීවිතාරක්ෂාව පතා පලා යෑමට සිදුවූ අතර ස්පාඤ්ඤයේ වෙරළබඩ ප්‍රදේශ අධික උෂ්ණත්වයෙන් තැම්බීම හේතුවෙන් අව් රශ්මිය විඳීම සඳහා පැමිණි විදේශිකයන් විශාල පිරිසකට සිය හෝටල් තුළටම වී සිටීමට සිදු වූ බව වාර්තා වී තිබිණි. අධික උෂ්ණත්වයෙන් තැම්බීම හේතුවෙන් ඉදිරි වසරවලදී බොහෝ සංචාරකයන් යුරෝපා රටවලට පැමිණීමෙන් වැළකී සිටිය හැකි බව විද්‍යාඥයෝ අනාවැකි පළ කර තිබේ. කෙසේ වුවද මෙම දිනවල අධික උෂ්ණත්වය මධ්‍යයේ වුවද යුරෝපා රටවල සිය ගිම්හාන (සමර්) නිවාඩුව ගත කිරීම සඳහා පැමිණෙන සංචාරකයන්ගේ අඩුවක් දක්නට නොලැබෙන බව යුරෝපා සංචාරක සමාගම් නිවේදනය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment