අන්තර් සමාජ සුපර් ලීග් – පාපන්දු ශූරතාව කොළඹටද කළුතරටද? – තීරණය අද

97

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක ශ‍්‍රී ලංකා සුපර් ලීග් අන්තර් සමාජයීය වෘත්තීය පාපන්දු තරගාවලියේ ශූරයින් තීරණය කෙරෙන තරග යුගලය අද (11දා) සවස පැවැත්වේ.

අද ප:ව: 03.30ට කළුතර බ්ලූ ස්ටාර්ස් පාපන්දු සමාජය සහ බ්ලූ ඊගල්ස් පාපන්දු සමාජය අතර තරගය කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී ආරම්භ කෙරෙන අතර කොළඹ රීඞ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරඟ පිටියේදී කොළඹ පාපන්දු සමාජය සහ කොළඹ සී හෝර්ක්ස් පාපන්දු සමාජය අතර තරගය ප:ව: 03.30ට පැවැත්වේ.

මෙම තරග ද්විත්වයම ආරම්භයේ සිට අවසාන නිමේෂය දක්වාම තියුණු හා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අනුමාන කළ හැකිය.

මෙවර තරගාවලියේ ශූරතාවය අගනුවර තුළ රඳවා ගැනීම සඳහා කොළඹ පාපන්දු සමාජය උපරිම උත්සාහයක නිරත වන අතරවාරයේ ආරම්භක සුපර් ලීග් කුසලානය කළුතරට රැුගෙන යාම උදෙසා බ්ලූ ස්ටාර්ස් පාපන්දු සමාජය ගන්නා උත්සාහය හමුවේ ඔවුන්හට ද වැඩි අවස්ථාවක් හිමි වී තිබේ.

ඒ අනුව තම තරගය ජය ගැනීම දෙපිලේම බලාපොරොත්තුව බවට පත්ව තිබීම හේතුවෙන් තරග ද්විත්වයේම උණුසුම වඩාත් තීව‍්‍ර වනු නොඅනුමානය.

අවසන් සතියේ තරග ආරම්භ කරමින් ඊයේ (10දා* රීඞ් මාවත පැරණි තුරඟ තර`ග පිටියේදී පැවති ඩිෆෙන්ඩර්ස් සහ වෙන්නප්පුව නිව් යංග්ස් යන දෙපිල අතර තරගයෙන් ගෝල් 06 – 01ක පහසු ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට ඩිෆෙන්ඩර්ස් පිල නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

මෙවර තරගාවලියට මුහුණ දෙමින් ඩිෆෙන්ඩර්ස් කණ්ඩායම ලත් 02 වන ජයග‍්‍රහණය ඒ අනුව වාර්තාවිණි.

මෙම තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ගෝල් 02 – 01ක් ලෙස පෙරමුණ ගත් ඩිෆෙන්ඩර්ස් ක‍්‍රීඩකයෝ දෙවන භාගයේ දී තවත් ගෝල් 04ක් රැුස් කර ගැනීමට සමත් වෙමින් කැපී පෙනුණි.

ජයග‍්‍රාහී පිල වෙනුවෙන් ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වූ මොහොමඞ් ඉසඞීන් ගෝල් ත‍්‍රිත්වයක් වාර්තා කිරීමට සමත්වූ අතර රිෆ්කාන් මොහොමඞ්ගේ පාදයෙන් සටහන් වූ ගෝල් සංඛ්‍යාව 02කි. ප‍්‍රතිවාදී කණ්ඩායමේ ඩබ්ලිව්.ඒ.ජී.සී. ප‍්‍රනාන්දුගේ අත්වැරදීමකින් සටහන් වූ ගෝලය ද සමගින් ගෝල් 06ක් බවට පරිවර්තනය කර ගැනීමට ඩිෆෙන්ඩර්ස් පිලට හැකි විය.

පරාජිත පිල වෙනුවෙන් සටහන් වූ එකම ගෝලය මොහොමඞ් මුෂීකාන් රැුස් කළේය.

අංක 02 ගෝල් රකින්නා ලෙස 46 වැනි මිනිත්තුවේදී තරගයට එක් වූ නිව් යංග් කණ්ඩායමේ ගෝල් රකින ක‍්‍රීඩක ආර්. පී. ධනුෂ්ක රතු කාඞ්පතින් පිටියෙන් පිටමං කිරීම ද මෙම තරගයේ දක්නට ලැබුණු කැපී පෙනුණු සිද්ධියක් විය.

මෙම තරගය එෆ්. එම්. ඉර්ෂාන් මහතා විසින් විනිශ්චය කරන ලදී.

මේ අතරවාරයේ කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (10දා) සවස පැවති තරගයේ දී කොළඹ රත්නම් සමාජය පරදා ගෝල් 02 – 01ක තියුණු ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට කොළඹ රිනවුන් ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

මෙවර තරගාවලිය යටතේ රිනවුන් පිල ලත් 05 වැනි ජයග‍්‍රහණය මෙය විය.

මෙම තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ගෝල් 01 – 00ක් ලෙස පෙරමුණ ගැනීමට රිනවුන් පිලට හැකි විය .

රිනවුන් ජයග‍්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු දිමුතු ප‍්‍රියදර්ශන 31 වැනි මිනිත්තුවේ දී ප‍්‍රථම ගෝලය ද ඕ.ජොබ් මයිකල් 74 වැනි මිනිත්තුවේ දී දෙවන ගෝලය ද සටහන් කර ගත් අතර පරාජිත රත්නම් කණ්ඩායමේ එකම ගෝලය 53 වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට ඩන්සෝ ඉනොක්ට හැකි විය.

මෙම තරගය ඒ.ඒ.ටී.පී. කුමාර මහතා විසින් විනිශ්චය කරන ලදී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment