ශී‍්‍රලනිප ජ්‍යෙෂ්ඨයෝ 2ක් ආණ්ඩුවෙන් යන්නම හදති – ඉතිරි 12 දෙනා පස්ස ගහති

877

ආණ්ඩුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් දාහතර දෙනාගෙන් ජ්‍යෙෂ්ඨයින් දෙදෙනකු පමණක් ආණ්ඩුවෙන් වහාම ඉවත්ව යායුතු බවට මේ වන විට දැඩි මතයක සිටින බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් අනෙක් මැති ඇමැතිවරුන් 12 දෙනාම සඳහන් කර ඇත්තේ මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් වීම කිසිසේත්ම නොකළ යුතු බවත්, එම තීන්දුව දේශපාලනික වශයෙන් අවාසිදායක බවත්ය. මෙලෙස පරස්පර මත දෙකක් ඉදිරිපත් වීම නිසා පක්ෂය තුළ උග‍්‍ර මත ගැටුමක් ඇති වී තිබෙන අතර ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීම විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ශක්තිමත් කිරීමක් බව ඉතිරි 12 දෙනාම සඳහන් කර තිබේ.

මේ අතර පක්ෂයේ ආසන සංවිධායක ධුරයන් ලබා දීම සම්බන්ධයෙන්ද දරුණු බෙදීමක් සිදුව ඇති අතර, ශී‍්‍රලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ඒ සම්බන්ධයෙන් පක්ෂ සභාපති මෛති‍්‍රපාල සිරිසේන සහ මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට ප‍්‍රසිද්ධියේම දොස් කියා ඇතැයිද එම පක්ෂ ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment