අභියෝග මධ්‍යයේ HNB පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 6-9ක බදු පසු ලාභයක් වාර්තා කරයි

130

නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුම ආර්ථික අර්බුදය සහ අභියෝගාත්මක කාලපරිච්ඡේදයෙන් වසරකට පසු, හැටන් නැෂනල් බැංකුව 2023 වසර සඳහා ශක්තිමත් ආරම්භයක් ලබා දෙමින් රුපියල් බිලියන 10.7 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 80%ක වැඩි වීමක් පෙන්නුම් කරයි-

මේ අතර පළමු කාර්තුව සඳහා බැංකුව රුපියල් බිලියන 6.9 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 42% ක වර්ධනයකි. HNB සමූහය පිළිවෙළින් රුපියල් බිලියන 11.3 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 7.3 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.

පළමු කාර්තුවේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් හැටන් නැෂනල් බැංකුවේ සභාපතිනි අරුණි ගුණතිලක මහත්මිය ප්‍රකාශ කළේ, “පසුගිය වසරේ ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයන් හේතුවෙන් ශ්‍රී ලංකාව තවමත් පීඩා විඳිමින් සිටියද, අපගේ නොසැලෙන අධිෂ්ඨානය, විචක්ෂණශීලී හා ප්‍රායෝගික තීරණ ගැනීම සහ වෙනස්වීම් හමුවේ ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වීමට ඇති හැකියාව ආදිය පෙන්නුම් කරමින් 2023 වසරේ මුල් මාස තුන සඳහා බැංකුව ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කර තිබෙනවා-

අවිනිශ්චිතතාවයන් පවතින නමුත්, රටේ සාර්වආර්ථික තත්වයන්හි සුබවාදී සංවර්ධනය් ඉතා දිරිගන්වන සුළුයි- අපගේ පාර්ශවකරුවන්ගේ අවශ්‍යතාවන් සුරක්ෂිත කිරීමට සහ ආර්ථිකය නැවත යථා තත්වයට පත් කිරීමට සහාය වීමට අපගේ නොසැලෙන කැපවීම හා උනන්දුව මා නැවත අවධාරණය කිරීමට මම කැමතියි-” යනුවෙනි-

මෙම කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ “පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දෙමින් සහ බැංකු ක්ෂේත්‍රය විවිධ බාධාවන් සමඟ ඉදිරියට එමින් 2023 වසරේ පළමු කාර්තුවේදී HNB ලබා ගත් මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අප ඉතා සතුටු වනවා- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකම මඟින් ආයෝජකයින්ගේ විශ්වාසය නැවත ඇති කිරීම සඳහා අවශ්‍ය විශ්වසනීයත්වය ගෙන එනු ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවට විදේශ ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙතට ක්‍රමක්‍රමයෙන් පිවිසීමට හැකි වෙවි- ඉදිරියේදී, මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථායීතාවය සුරක්ෂිත බව සහතික කිරීමට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීම අත්‍යවශ්‍යයි- වර්තමාන පසුබිම තුළ, අපගේ මූලික අවධානය යොමු වී ඇත්තේ වත්කම්වල ගුණාත්මකභාවය, ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතා මට්ටම් කළමනාකරණය කිරීම කෙරෙහියි.” යනුවෙනි-

advertistmentadvertistment
advertistmentadvertistment