යළිත් විදුලිය කැපිල්ලක්

207

නෙරොච්චෝල තාප විදුලි බාලාගාරයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට නැවත පැය භාගයක්, පැයක් පමණ විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි.

නොරොච්චෝල බලාගාරයේ යන්ත‍්‍ර තුනම  (මෙගාවොට් 900) ජාතික පද්ධතියට එක්කිරීමේ කටයුතු සහ අලූත්වැඩියා කටයුතු සිදුකිරීම හේතුවෙන් මෙම විදුලිය විසන්ධි කිරීම් සිදුකිරීම සිදුවන බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

දැනට බලාගාරයේ ජනන යන්ත‍්‍ර තුනෙන් එක් යන්ත‍්‍රයක් ධාරිතාව තාක්ෂණික දෝෂයක් නිසා අඩුව පවතින බවත් එය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු කීය. එම යන්ත‍්‍රය ද යථා තත්ත්වයට පත්කරන තෙක් විදුලිය වැඩි වශයෙන් අවශ්‍ය වන රාතී‍්‍ර කාලයේදී ඇතැම් ප‍්‍රදේශවලට පැය භාගයක්, පැයක් අතර විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවත් ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment