නැනෝ පොහොරවලින් වෙච්ච දෙයක් නැතැයි කෘෂි ඇමැති කියයි

255


නැනෝ පොහොර ලීටර් ලක්ෂ 30ක් 2021 දී මෙරටට ආනයනය කර ඇතත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් අත් වී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ බැවින් 2021 මහ කන්නයේ වී වගාවට නැනෝ දියර පොහොර ආනයනය නිසා යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයට තමා උපදෙස් දුන් බව ද කීවේය.
චීන පොහොර නැවට ඩොලර් මිලියන 06.09ක් ගෙවා තිබෙනවා. ඒ වගේම මේ නැනෝ දියර පොහොර යනුවෙන් ඉන්දියාවේ ගුජරාටයෙන් ගෙන්වන ලද දියර පොහොර ලීටර් ලක්ෂ 03ක පමණ ප්‍රමාණයත් ගත් කළ ඒ සඳහා වැය කළ සමස්ත මුදල රටේ කෘෂිකර්මාන්තයට හෝ ගොවියා ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් අත් වී නැති බව කිව යුතුයි. මේවා මහජන මුදල්. මහජන මුදල් වැය කිරීමේ දී ඒවාට රජය වගකිව යුතුයි අමාත්‍යවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment