යුපුන්ගෙන් මීටර් 100ටත් හොඳ ආරම්භයක්

166

දකුණු ආසියානු කලාපයේ වේගවත්ම ධාවකයා මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය තරග ලෝකඩ පදක්කම් ලාභී යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්ව තත්පර 10.01 කට නිමා කරමින් ඉතාලියේ දී පැවති සැවෝනා ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික තරගයෙන් දෙවන ස්ථානය හිමි කර ගත්තේය.

එම තරගයේ පූර්ව තරග වටයේදී යුපුන් තත්පර 10.04 ක කාලයක් වාර්තා කරමින් අවසන් තරගය සඳහා හිමිකම් කීවේය.

මෙම තරගය යුපුන් 2023 වසරේ මීටර් 100 ඉසව්වට සහභාගි වූ පළමු අවස්ථාව ලෙස සැලකේ.

බි්‍රතාන්‍යයේ රීක් ප්‍රෙස්කෝඩ් තත්පර 9.94 ක කාලයක් වාර්තා කරමින් එම තරගයේ පළමු ස්ථානය හිමිකර ගත් අතර තත්පර 10.03 ක කාලයක් වාර්තා කළ ටිරෙඩ් ආර්තර් තෙවන ස්ථානය දිනා ගත්තේය. යුපුන් මේ වසරේ තරග ආරම්භය සනිටුහන් කරමින් පසුගිය

08 වැනිදා ඉතාලියේ දී මීටර් 200 ධාවන තරගයට සහභාගි වූ අතර ඔහු එහිදී තත්පර 20.60 ක දක්ෂතාවයක් වාර්තා කරමින් පළමු ස්ථානය හිමි කර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment