Mammoottyගේ නවතම චිත්‍රපටයේ වැඩ ඇරඹේ

58

දකුණු ඉන්දියාවේ ප්‍රධානම ප්‍රාන්තීය සිනමා කර්මාන්තයක් වන කේරළ සිනමා කර්මාන්තයේ හි ජනප්‍රිය රංගන ශිල්පී Mammootty ගේ නවතම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු දැන් ඇරඹී තිබෙනවා.

ඔහුගේ මෙම නවතම මලයාලම් චිත්‍රපටයේ පළමු නිල නිවේදනය පසුගියදා මාධ්‍යයට නිකුත් කරන ලදී. එහිදී චිත්‍රපටයේ title details සහ පළමු පූර්ව ප්‍රචාරක පෝස්ටරයත් අන්තර්ජාලයට නිකුත් කළා.

කළු පැහැති ඇඳුමකින් සැරසී සිටි Mammoottyගේ අතෙහි තුවක්කුවක් දක්නට තිබූ අතර ඔහුව තවත් නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් වට කරගෙන සිටින අයුරු දක්නට ලැබිණි.

මෙම නවත ම සිනමාපටය හඳුන්වා දී තිබුණේ Bazooka ලෙසයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රකට මලයාලම් තිර පිටපත් රචකයෙකු වන Kaloor Dennisගේ පුත්‍රයා, Deeno Dennis විසිනුයි. “Bazooka” හි කතාව සහ දෙබස් රචනා කර තිබෙන්නේ ද Deeno Dennisම ය. මෙය ඩීනෝගේ පළමු සිනමා අධ්‍යක්ෂණය යි.

කේරළ මාධ්‍ය නම් වාර්තා කරන්නේ Bazooka” Mind Game – Thriller ශානරයට අයත් චිත්‍රපටයක් විය හැකි බවටයි. Deeno Dennis ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වන මෙම Bazooka මලයාලම් සිනමාපටය, බොහෝදුරට එළැඹෙන වසර මුල භාගයේදී ලෝ පුරා සිනමා හල්වලට නිකුත් වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment