ඡන්දෙ විතරක් අරන් පුංචි මිනිස්සු අහක දාන්න එපා – සණස නිර්මාතෘ ජනපතිගෙන් ඉල්ලයි

236

අන්තිමට අපට ඉතිරි වුණේ මොන වගේ රටක් දැයි යළි හැරී බලන්න

රට හදන්න බලය ඉල්ලූ සෑම අවස්ථාවකම මහජනතාව අත දිගහැර ඔබතුමාලාට බලය දුන්නත් අන්තිමට ඉතුරු වී තිබෙන්නේ මොන වගේ රටක් දැයි ආපසු හැරී බලන්නැයි ස.ණ.ස. නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙනිය මහතා ඊයේ (28 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඉල්ලා සිටියේය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (28දා) පැවති 2023 සණස ජාතික සම්මේලනය අමතමින් කිරිවන්දෙනිය මහතා මෙසේද කීවේය.

වෙනස් වෙන්න කල්පනා කළේ නැත්නම් මේ රට වෙනස් කරන්න බැහැ. අපේ ස.ණ.ස. සමිතියක ගණපූර්ණය තුනෙන් එකක් ඉන්න ඕනෑ රැස්වීමක් තියන්න නම්. ඒත් පාර්ලිමේන්තුවේ 225 න් ගණපූර්ණය 20 ක් හිටියාම ඇති. ඒ 20 වත් එන්නේ නැහැනේ

ජනාධිපතිතුමනි…!

පුංචි මිනිස්සුන්ට ඉඩක් දුන්නොත් ඒ අයගෙන් රට හදන්න විශාල දායකත්වයක් ගන්න පුළුවන්. ඒ අයගේ ඡන්දෙ විතරක් අරන් අහක දමන්න එපා. අපි සණස ගොඩනැගුවේ පුංචි මිනිස්සුන්ගෙන්

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment