සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා!

99

සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා!

අසිරිමත් නත්තල උදාවේ

දෙව්මැඳුරුවලින් ඇසෙන සීනු නාදය හා ගීතිකා හඬ මැද ඊයේ (24දා) මැදියම් රැයේ නත්තල උදාවිය. මෙවර නත්තලේ තේමාව වූවේ දිළින්දන් සමඟ නත්තල් උත්සවය සැමරීමයි.

හල්පේ ශාන්ත ප්‍රැන්සිස් සේවියර් මුණිතුමාගේ දෙව්මැඳුරේ පැවැති නත්තල් දේව මෙහෙය සිදු කරනු ලැබුවේ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් විසිනි. රටේ පවතින ආර්ථික අසීරුතා පිළිබඳව සලකා බලා මෙදා නත්තල් සැමරීමට දිළිඳු පවුල් මුල්කරගන්නා ලෙස කාදිනල්තුමා කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙවර නත්තලේදී කිතු උපත සිහිපත් කරන ගවහල් මෙන්ම නත්තල් ගස් වැඩිපුර ඉදිකර තිබුණේ දෙව් මැඳුරු තුළය. ඊයේ රාත්‍රියේ රතිඤ්ඤා හඬ වෙනදාට වඩා අඩුවී තිබුණි.

තමා අද (25දා) දහවල් නත්තල් දින දිවා ආහාරය ගනු ලබන්නේ දිළඳු පවුල් කීපයක් සමඟ බව කාදිනල්තුමා මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment