උගත් තරුණ පිරිසක් මියන්මාර ජාවාරම්කරුවන්ට හසුවීම අවාසනාවක් – මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති

310

මියන්මාරයේ ජාවාරම්කරුන්ට හසුවී ඇති බොහෝ තරුණ තරුණියන් උගත් බුද්ධිමත් දරුවන් වීම අභාග්‍ය සම්පන්න කරුණක් බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය.

“මම කනගාටු වෙන්නේ මේ පිරිස මැදපෙරදිග රැකියා සොයාගෙන යන අහිංසක අය නෙමෙයි. ඉංග්‍රීසි සිංහල භාෂා හොඳින් හැසිරිවිය හැකි පරිගණක තාක්ෂණ සාක්ෂරතාව ඇති උගත් තරුණ පරපුරක් මේ ව්‍යසනයට හසුවෙලා. රටේ උගත්, බුද්ධිමත් දරුවන්ගෙන් මම ඉල්ලා සිටින්නේ රැවටිලිකාරයින්ට හසුවෙන්න එපා. නීත්‍යනුකූල ක්‍රමවේදයක් හරහා රැකියා සඳහා විදේශගත වෙන්න.’‘

advertistmentadvertistment
advertistmentadvertistment