කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය – දෙස් විදෙස් පිළිගැනීමට ලක්වී තිබෙනවා – අගමැති මහින්ද රාජපක්‍ෂ

112

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ විදේශීය සිසුන් සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යෑමෙන් පැහැදිලි වන්නේ එය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමට ලක්ව ඇති බව යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ජෙනරාල් ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණ පීඨයේ අධ්‍යාපන කටයුතු සමාරම්භ කිරීම හා ඊට සමගාමීව විශ්වවිද්‍යාලයේ නව පිවිසුම් සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව ඊයේ (10දා) පැවති උත්සව සභාව අමතමින් අගමැතිවරයා මේ බව පැවසීය.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය - දෙස් විදෙස් පිළිගැනීමට ලක්වී තිබෙනවා - අගමැති මහින්ද රාජපක්‍ෂ

ආරක්‍ෂක, වෛද්‍ය, ඉංජිනේරු, නීතිය, සෞඛ්‍ය, කළමනාකරණය, සමාජ විද්‍යා හා මානව ශාස්ත‍්‍ර, පරිගණක, පරිසර හා අවකාශ යන පීඨ 09ට අමතරව තාක්‍ෂණ පීඨයේ අධ්‍යයන කටයුතු අද දින ආරම්භ විය.

අගමැතිවරයා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට පැමිණීම සහ තාක්‍ෂණ පීඨයේ අධ්‍යන කටයුතු සමාරම්භය සංකේතවත් කරමින් විශේෂ සමරු සටහනක් තැබුවේය. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විසින් මෙහිදී අග‍්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක් පිළිගන්වන ලදී.

අගමැතිවරයා මෙසේද සඳහන් කළේය.

අපේ රජයන් හැම විටම අධ්‍යාපනයට විශේෂ අවධානයක් යොමු කළා. උසස් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල පද්ධතිය සහ පාසල් සංවර්ධනය කිරීමට අපි කටයුතු කළා. ඒ අනුව තමයි කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨය විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්න අපි කටයුතු කළේ. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් මා ජනාධිපතිව සිටියදී යොමු කළා.

ජනාධිපති ලෙස කටයුතු කරන අවධියේදී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වෙත දෙවතාවක් මම ඇවිත් තිබෙනවා. කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය කිරීමේ අවස්ථාවට 2007 දී මම සහභාගි වුණා. ඒ වගේම 2014 දී වේරහැර සම සෞඛ්‍ය විද්‍යා පීඨය විවෘත කිරීමේ අවස්ථාවටත් සහභාගි වුණා.

ජෙනරාල් ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ, ප‍්‍රධාන පිවිසුම් සංකීර්ණය විවෘත කිරීම වගේම තාක්ෂණ පීඨයේ සමාරම්භක උත්සවය සඳහා අද මා පැමිණියේ තුන්වැනි වතාවටයි.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ඇති කිරීම ඉතා වැදගත් සන්ධිස්ථානයක් බව ප‍්‍රකාශ කරන්න ඕනේ. සෑම වසරකම කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව, ඉහළ යෑමෙන් පැහැදිලි වන්නේ එහි සාර්ථකත්වයයි.

විදේශීය සිසුන් සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යෑමෙන් පැහැදිලි වන්නේ ද ආරක්‍ෂක විශ්වවිද්‍යාලය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමට ලක්වෙලා තිබෙන බවයි.

කොවිඞ් 19 වසංගතයට පෙර වාර්ෂිකව ශී‍්‍ර ලාංකික සිසුන් දහස් ගණනක් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වුණා. එමගින් දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන සිය ගණනක් විදේශ විනිමය රටින් පිටතට ගලා යනවා. මෙය ජාතික වශයෙන් ඉතා බරපතළ මූල්‍ය අර්බුදයකට මඟ පාදනවා.

උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමට අපේක්‍ෂා කළ විශාල සිසුන් සංඛ්‍යාවක් රට තුළම රඳවා ගනිමින්, ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය රටට ඉතිරි කර දීමට සමත් වූ බව අපගේ විශ්වාසයයි.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ¥රදර්ශීව කටයුතු කරමින් කාලෝචිත හා ප‍්‍රායෝගික විසඳුම් සොයමින් රජයට දක්වන සහයෝගය අග‍්‍රමාත්‍යවරයා ලෙස මම විශේෂයෙන්ම ඇගයීමට ලක් කරන්න ඕනෑ.

2022 සිට නව පීඨ දෙකක් හඳුන්වා දීම තවත් ඉදිරි පියවරක් ලෙස හඳුන්වා දෙන්න කැමතියි. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ප‍්‍රවේශ වීම සඳහා අවස්ථා නොලද දක්‍ෂ සිසුන් සඳහා උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දීමෙන්, ඔබ විශ්වවිද්‍යාලය රටට විශාල සේවයක් කරනවා.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, කොතලාවල විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් යන මහත්වරු සහ පීඨාධිපතිවරුන්, විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය ඇතුළු සිසු සිසුවියෝ රැුසක් එක්ව සිටියහ.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment