ලක්ෂපාන තරුණයන් දෙදෙනෙකුගේ අත්හදා බැලීමක් – වවුල් අපද්‍රව්‍යවලින් අගනා කාබනික පොහොරක්

410

ගිනිගත්හේන ලක්ෂපාන ප‍්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු විසින් වවුල් අපද්‍රව්‍ය යොදා ගනිමින් සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට සමත් වී ඇත.

ලක්ෂපාන තරුණයන් දෙදෙනෙකුගේ අත්හදා බැලීමක් - වවුල් අපද්‍රව්‍යවලින් අගනා කාබනික පොහොරක්

ජනාධිපතිතුමාගේ හරිත කෘෂි රටක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ යටතේ වස විසෙන් තොර කෘෂි බෝග නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ගුණාත්මක කාබනික පොහොර හඳුන්වාදීමේ වැඩසටහනට දායකත්වයක් ලබාදීමට ලෝකයේ බොහෝ රටවල වගා කටයුතු සඳහා භාවිතා කරන වවුල් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොමු නී ඇත.

ලක්ෂපාන තරුණයන් දෙදෙනෙකුගේ අත්හදා බැලීමක් - වවුල් අපද්‍රව්‍යවලින් අගනා කාබනික පොහොරක්

ලක්ෂපාන ප‍්‍රදේශයේ වසර හතළිහකට අධික කාලයක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් කැණීම් කටයුතු සිදු කර අතහැර දමා ඇති උමං සහ ලක්ෂපාන ප‍්‍රදේශයේ පිහිටි ගල් ලෙන්වල ජීවත්වන වවුලන්ගේ අපද්‍රව්‍ය එක්රැුස් කර මෙම කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරනු ලබයි.

ලක්ෂපාන තරුණයන් දෙදෙනෙකුගේ අත්හදා බැලීමක් - වවුල් අපද්‍රව්‍යවලින් අගනා කාබනික පොහොරක්

එම ගල් ගුහාවලින් එක්රැුස් කර ගන්නා වවුල් අපද්‍රව්‍ය කැලණි ගඟ හරහා රැගෙන ඒමට එම තරුණයන් දෙදෙනා දැඩි පරිශ‍්‍රමයක් ද දරන අතර, දිනපතා වවුල් අපද්‍රව්‍ය එක්රැුස් කිරීමට අවස්ථාව ලැබෙන බවද එම තරුණයන් දෙදෙනා කියා සිටියි.

ලක්ෂපාන තරුණයන් දෙදෙනෙකුගේ අත්හදා බැලීමක් - වවුල් අපද්‍රව්‍යවලින් අගනා කාබනික පොහොරක්

මෙම වවුල් පොහොරවල ශාක වර්ධනයට අවශ්‍ය නයිට‍්‍රජන්, පොටෑසියම්, පොස්පරස් ඇතුළු පෝෂණ කොටස් ශාක වර්ධනයට හිතකර ලෙස පවතින බවත්, දැනට කරන ලද වගාවන්වලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබි ඇති බව එම කාබනික පොහොර නිෂ්පාදනය කරන සුරංග සේනාජිත සහ පත්මසිරි දිසානායක පැවසීය.

 එසේ නිෂ්පාදනය කරන ලද කාබනික පොහොරවල නයිට‍්‍රජන් ප‍්‍රතිශතය 2% සිට 2.7% දක්වා පරාසයක පවතින බවත්, ගන්නෝරුව සහ මාකඳුර පර්යේෂණ ආයතන මඟින් ඒ සඳහා ලබාගත් පර්යේෂණ සහතිකයක් ද එම තරුණයන් දෙදෙනා සතුව පවතී.

 දැනට එම තරුණයන් දෙදෙනා විසින් නිෂ්පාදනය කරනු ලැබු වවුල් පොහොර 20000නට – 30000නට අතර ප‍්‍රමාණයක් පවතින බවත්, තමන්ට ලැබෙන විවේක කාලයන්හි

 උරැුකියාවෙන් ලබාගන්නා ලද මුදල් වලින් මෙම ව්‍යාපෘතිය සිදු කළ බවත්, මෙම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ආයෝජකයකු ඉදිරිපත් වී ගෘහ ආශ‍්‍රිත වගාවන් සඳහා මෙම කාබනික පොහොර බෙදා හැරීමේ වැඩසටහනක් දියත් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් පියවර ගත යුතු බවයි එම තරුණයන් දෙදෙනා කියා සිටියේ.


 තරුණයන් දෙදෙනා වවුල් අපද්‍රව්‍ය එක් රැස් කරන අයුරු

 ඡායාරූප හා සටහන – නුවරඑළිය  නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment