නොවැම්බරයට වඩා දෙසැම්බරයේ ඩීසල් – පෙට්‍රල් මෙට්‍රික් ටොන් 72600 ක්

166

ඛනිජ තෙල් සංස්ථාව දෙසැම්බර් මාසය සඳහා නොවැම්බර් මාසයට වඩා ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික්‌ ටොන් 72,600 ක් වැඩිපුර ආනයනය කිරීමට සැලසුම් කර ඇත.

ඒ සඳහා වැයවන මුදල ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 62 කට අධිකය. (ඇ.ඩො. 62,840,686)

දෙසැම්බර් මාසය සඳහා ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්‌ ටොන් 96,900 ක් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික්‌ ටොන් 9,000 ක්ද, ඔටෝ ඩීසල් මෙට්‍රික්‌ ටොන් 104,900 ක්ද, සුපර් ඩීසල් මෙට්‍රික්‌ ටොන් 7,000 ක්ද ආනයනය කිරීමට සැලසුම් කර ඇත ඊට අමතරව බොරතෙල් මෙට්‍රික්‌ ටොන් 180,000 ක්ද ආනයනය කිරීමට නියමිතය. මෙම මුළු ඉන්ධන සඳහා වැයවන මුළු මුදල ඇමරිකානු ඩොලර් තිස්හතර කෝටි හැත්තෑහතර ලක්‍ෂ විසිඑක්දහස් පන්සිය අසූහයකි. (ඇ.ඩො. 347,421,586) නොවැම්බර් මාසය සඳහා බොරතෙල් මෙට්‍රික්‌ ටොන් 180,000 ක්ද, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්‌ ටොන් 70,600 ක්ද, ඔටෝ ඩීසල් මෙට්‍රික්‌ ටොන් 74,600 ක්ද ආනයනය කර තිබේ. ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් ආනයනය කර නැත. මෙම ඉන්ධන සඳහා වැයවී ඇති මුදල ඇමරිකානු ඩොලර් විසිඅට කෝටි හතළිස් පන්ලක්‍ෂ අසූදහස් නවසියයකි. (ඇ.ඩො. 284,580,900)

විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ඉන්ධන ආනයනය පිළිබඳ වාර්තාවේ මෙම තොරතුරු සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment