රාහුල් ගාන්ධිගේ අභියාචනය ඉවතට

73

තමාට එරෙහිව අධිකරණයේ පවරා ඇති සාපරාධී අපහාස නඩුවේ වරදකරු වීමෙන් වළක්වන ලෙස ඉල්ලමින් ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයක් එරට අධිකරණයක් විසින් ඊයේ (20දා) ප්‍රතික්ෂේප කරනු ලැබීය. රාහුල් ගාන්ධි විසින් අගමැති නරේන්ද්‍ර සිං මෝඩිට එරෙහිව 2019 වසරේ පැවති මැතිවරණ ප්‍රචාරණ රැස්වීමකදී අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළ බව පවසමින් ඔහුට එරෙහිව පාලක භාරතීය ජනතා පක්ෂයේ නීතිවේදියෙකු වන පුර්නේෂ් මෝඩි විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සාපරාධී අපහාස නඩුවක් පවරා තිබේ. එම නඩුව විභාග කිරීමෙන් පසු අධිකරණය ගාන්ධිට අවුරුදු දෙකක සිර දඬුවමක් ලබා දුන් අතර ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනද ඒ අනුව අහිමි විය.

රාහුල් ගාන්ධි විසින් එම තීන්දුවට එරෙහිව ගුජරාට් ප්‍රාන්තයේ සුරත් සැසි අධිකරණයේ පවරා තිබූ අභියාචනය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රී ආසනය අහිමි වීම සිදු වන බවත් ඔහු පාර්ලිමේන්තුවේ නියෝජනය කළ කේරළ ප්‍රාන්තයේ අසුන සඳහා නැවත අතුරු මැතිවරණයක් කැඳවනු ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. කෙසේ වුවද ඉන්දීය විපක්ෂ නායක ගාන්ධි ගේ නීතිවේදීන් සුරත් අධිකරණයේ තීන්දුවට එරෙහිව ගුජරාට් ප්‍රාන්තයේ ඉහළ අධිකරණයට පැමිණිලි කරන බව නිවේදනය කර තිබේ. අගමැති මෝඩිට අපහාස කිරීමේ චෝදනාව යටතේ ගාන්ධිට එරෙහිව පවරා ඇති සාපරාධී අපහාස නඩුවේ තීන්දුවට අනුව ඔහුට වසර දෙකක සිර දඬුවමක් නියම වී ඇතත් එම දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර අවසන් වන තෙක් ඔහුව අත්අඩංගුවට නොගැනීමට බලධාරීන් විසින් තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment