ආක්ෂේ අනතුරකට!

57

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් චිත්‍රපට රූපගත කිරීමකදී අනතුරකට ලක්වූ පුවතක් වාර්තා වේ. ආක්ෂේ මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ ඔහුගේ අලුත්ම චිත්‍රපටය වූ බඩේ මියන් චෝටේ මියන් චිත්‍රපටයේ රූපගත කිරීමකට සහභාගි වෙමින් සිටියදී ය.

ස්කොට්ලන්තයේදී සිදුවූ මෙම අනතුරින් ආක්ක්‍ෂේගේ දණහිසට තරමක් තුවාල සිදු වී ඇති අතර ඔහු වෙළුම් පටි කිහිපයක් බැඳ නැවතත් චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු සඳහා එක්වූ බව දැනගන්නට ලැබේ. ආක්ෂේ කුමාර් පවසන්නේ තම ආබාධය නිසා රූපගත කිරීම් කටයුතු අතරමග නවතා දමා නිෂ්පාදකයන් අමාරුවේ දැමීමට තමන්ට නොහැකි බවය.

advertistmentadvertistment
advertistmentadvertistment