සිනමාව ගිනි තියන රජිනි කාන්ත්

283

රජිනි කාන්ත් රඟපාන අලුත්ම චිත්‍රපටය ජේලර් ඊයේ (10 වැනිදා) සිට ලොව පුරා තිරගත වෙනවා. ජේලර් කොයිතරම් ආන්දෝලනයක් ඇතිකරනවා ද කියනවා නම් සමහර සිනමාහල් හිමියන් මේ දවස්වල දුවන අලුත්ම සිනමාපට පවා ගලවලා දාල රජිනි කාන්ත් වෙනුවෙන්, ඔහුගේ ජේලර් වෙනුවෙන් තමන්ගේ සිනමාහල වෙන්කරලා තියෙනවා.

මේක බ්ලැක් කොමඩි ඇක්ෂන් චිත්‍රපටයක්. නෙල්සන්ගේ අධ්‍යක්ෂණයක් වන ජේලර් නිෂ්පාදනය කරල තියෙන්නේ සන් පික්චර් වෙනුවෙන් කලානිදි මාරන් විසිනුයි. රජිනි කාන්ත්ට අමතරව මේ සිනමා කෘතියේ තවත් බොහෝ තරු රැසක් රංගනයෙන් දායක වනවා. ඔවුන් අතර, මෝහන් ලාල්, ජැකී ෂොරොෆ්, ශිවා රාජ්කුමාර්, සුනිල්, රම්‍ය ක්‍රිෂ්ණන්, විනයකාන්, මිර්නා මෙනන් සහ තමන්නා බාටියා ප්‍රධාන තැනක් ගන්නවා. 2022 වසරේ රූගත කිරීම් ආරම්භ කරපු මේ ජේලර් මුලින්ම පටන් ගත්තේ තලෙයිවා 169 යන නමින්. කොහොම නමුත් එය තිරගත වෙන්නේ ජේලර් කියන නමින්. අනිත් කාරණය තමයි මේක රජිනිකාන්ත්ගේ සිනමා දිවියේ 169 වැනි චිත්‍රපටය.

සිනමාව ගිනි තියන රජිනි කාන්ත්

මේ වෙනුවෙන් අනිරුද් රවිචන්ද්‍ර විසින් ඉතා අපූරු පසුබිම් සංගීතයක් නිර්මාණය කර තිබෙනවා. ඒ වගේ ම මෙහි සංස්කරණය විජය කාර්තික් කන්නන් සහ ආර්. නිර්මාල් විසින් සිදුකර තිබෙනවා. මිනිත්තු 168ක් පුරාවට දිවයන ජේලර් වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 200ක් වියදම් කර තිබෙනවා. නිෂ්පාදකයින් පවසන්නේ ඉතා කෙටිකලකින් සිනමාපටය වාර්තාගත ආදායමක් උපයාවි කියලයි. ඔවුන්ට ඒ තරම් විශ්වාසයක් රජිනි කාන්ත් ගැන තියෙනවා. මෙය තිරගත වන්නේ දමිළ භාෂාවෙන් පමණයි. මේ වෙනකොට අන්තර්ජාලය හරහා විශාල වශයෙන් ටිකට්පත් අලෙවි වෙලා තියෙනවා කියලා ආරංචි වෙනවා. ඒ කියන්නේ පළමු දිනයේ ම ඔවුන් විශාල පෙරළියක් ඇති කරලා තිබෙනවා කියලයි. අපි බලමු මේ පාර රජිනි කාන්ත් මොන වගේ කරණමක් ද ගහල තියෙන්නේ කියලා. ඒක ඇත්තට ම සුපිරි ඉනිමක් වෙයි කියල තමයි ගොඩක් අය කියන්නේ.

● අමිල නුවන් මධුසංඛ

advertistmentadvertistment
advertistmentadvertistment