ඉගිල්ලුණු ත්‍රිරෝදය ප්‍රපාතයකට පෙරළී සිඟිත්තකු ඇතුළු සිව්දෙනකුට බරපතළයි

393

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් කුඩා ළමයෙකු ඇතුළු සිව්දෙනෙක් බරපතළ ලෙස තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත යොමුකර ඇති බව මස්කෙළිය පොලිසිය පැවසීය.

පෙරේදා (09 දා) පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ මස්කෙළිය, නෝටන්බි්‍රජ් ප්‍රධාන මාර්ගයේ මස්කෙළිය හපුගස්තැන්න ප්‍රදේශයේදීය. මස්කෙළිය සිට නෝටන්බ්‍රිජ් ටෙබර්ටන් දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථය මෙසේ අනතුරට පත්වී ඇත.

තුවාලකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවත්, එම පිරිස නෝටන්බි්‍රජ් ටෙබර්ටන් මාරතැන්න ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට පැමිණ අවමංගල්‍ය උත්සවයට අවශ්‍ය ද්‍රව්‍ය මස්කෙළිය නගරයෙන් මිලදී ගෙන ආපසු නෝටන්බි්‍රජ්, ටෙබර්ටන් දක්වා ධාවනය කරන අවස්ථාවේ මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි. තුවාලකරුවන් අතර අවුරුදු 03ක් වයසැති කුඩා ළමයෙකුද සිටී. අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රිරෝදයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇති බවත්, අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත්, අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලිසිය කියයි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment