ලුණුගම්වෙහෙරෙන් හම්බන්තොටට මාරු කළ රෝගියා ගෙන යන්න ගිලන් රථයේ ඉන්ධන නැතිව ජංජාලයක්

266

ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන ලද රෝගියකු හදිසි ප්‍රතිකාරයක් සඳහා ඊයේ (10 දා) හම්බන්තොට මහ රෝහලට මාරු කර යැවීමට අවශ්‍ය වුවත් ලුණුගම්වෙහෙර රෝහලේ ගිලන් රථයේ ඉන්ධන නොමැති බැවින් පෞද්ගලික ගිලන් රථයක් භාවිත කිරීමට සිදුවූ බව රෝගියාගේ ඥාතීහු සඳහන් කළහ. එහිදී රෝහල් කාර්ය කාර්ය මණ්ඩලය සමග උණුසුම් තත්ත්වයක් ද ඇති වූ බව කීය.

ඒ පිළිබඳව හම්බන්තොට නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය කළ විමසීමකදී සඳහන් කළේ එම අවස්ථාවේ ගිලන් රථයේ ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොතිබීම හේතුවෙන් දෙබරවැව රෝහලේ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට කටයුතු කළ ද රථය පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවය. කෙසේ වෙතත් ප්‍රාදේශීය රෝහල්වල ගිලන් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම චෙක්පත් මගින් සිදුවන බැවින් චෙක්පත් ප්‍රමාදවීම හේතුවෙන් වෛද්‍යවරුන් හා ගිලන් රථ රියැදුරන්ගේ පෞද්ගලික මුදලින් ඉන්ධන ලබා දී පසුව එම මුදල් පියවීමට සිදුව ඇති බවත් සඳහන් කළේය.

තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment