Don -3 ශාරුක් ඉවතට රන්වීර් ඇතුළට

363

Don -3 චිත්‍රපටය නිර්මාණය වන්නේ ප්‍රකට නළු ශාරුක් ඛාන් නැතිවය. එහි මුල් චිත්‍රපට දෙකේම ප්‍රධාන චරිතය රගපෑ ශාරුක් නව නිර්මාණයෙන් ඉවත් කර ඇත. ශාරුක්ගේ ආදේශකය වන්නේ රන්වීර් සිං වේ. චිත්‍රපට නිෂ්පාදක ෆර්හාන් අක්තාර් මේ කරුණු හෙළි කර ඇත. “දොන්ගේ උරුමය ඉදිරියට ගෙන යාමට දැන් කාලය එළඹ ඇති අතර මෙම නව අර්ථකථනයට අප හා එක්වන්නේ මා කලක සිටම ඇළුම් කළ දක්ෂතා සහ බහුශ්‍රැතභාවය පිළිබඳ රංගන ශිල්පියෙකු රන්වීර් සිං වේ. බච්චන් මහතාට සහ ෂාරුක් ඛාන්ට ඉතා කරුණාවෙන් සහ ත්‍යාගශීලීව දැක්වූ ආදරය ඔබ රන්වීර් සිං ට පෙන්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. දොන්ගේ නව යුගයක් 2025 දී ආරම්භ වේ. යනුවෙන් ෆර්හාන් අක්තාර් සටහන් කර ඇත. 2006 සහ 2011 වසරවලදී ෂාරුක් ඛාන් Don චිත්‍රපට දෙකට එක්විය. 1978 නිකුත්වූ Don චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ දුන්නේ සුපිරි නළු අමිතාබ් බච්චන් විසිනි. Don‘ හි ෂාරුක් ඛාන්, ප්‍රියංකා චොප්රා සහ බොමන් ඉරානි ප්‍රධාන චරිත නිරූපණය කළහ. මෙම චිත්‍රපටය 2006 දී නිකුත් වූ අතර Neuchatel International Fantastic Film Festival හි හොඳම ආසියානු චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. පසුව, එහි අනුප්‍රාප්තිය 2011 දී නිකුත් කරන ලද අතර එය ජනප්‍රිය එකක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. නළු රිතික් රෝෂන් Don 2 හි විශේෂ චරිතයක් සඳහා පෙනී සිටියේය. ෆර්හාන්ගේ අධ්‍යක්ෂණය 1978 වසරේ ඩොන් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් විය.

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment